ඔබට වරම් | Obata Waram by Costa x Master D [2022]

Sinhala song lyrics with music notes illustration

රූපේ කෑම බීම
මදුවිත මී පාසානං
බොරු පොරොන්දු
චක්කරේ වගේ කටපාඩම්

දීපං චන්දේ මට හදන්නම්
මං ගම් හතම
උඹේ චන්දේත් අරන්
ගෑනුත් අරන් මං මටම

චන්දේ දෙන්න කලින් කිව්වේ
මම දෙන්නේ පාලම්
චන්දෙන් පස්සේ මොන පාලම්

ගමේ ඒදන්ඩත් දැන් නාගසලන්
මට කාවවත් වටින්නේ නෑනේ
මචං මාව තරම්

කතිරේ ගහපං
ඇලඩින් වගේ දෙන්නම් උබට වරම්

දෙකට
කොන්දෙන්ම නැමිලා මං
ගිහිල්ලා ලොක්කට වදිනවා

ඇගිල්ලෙන් අත්සන තියනවා
කැපිලා කෙටිලා කියනවා
උඹට මටිල්ලෙන් බෙදනවා

එතන පචයක් කියනවා
උඹටත් පචයක් කියනවා
හිතේනම් කිචියක් තියෙනවා

හොදට බීලා ගිහිල්ලා
නිදිය ගත්තම බොරුව අමතකයි

ඇමට දාලා ගිහිල්ලා තියෙන්නේ උඹව
උඹට අමතකයි

රටක ආලේ කරන්නේ මෙහෙම තමයි බං
උඹට හිතෙනවයි

මගේ කෑම පිගාන දිහා බලන්න එපා
උඹට දෙනවා පයින්

හවස ටීවී එකේ ගියා
අද මුන වැදිලා

ගෙදර පොත් දෙක තුනයි
ධම්ම පදය කාවෝ හපලා

හොදට සීනි දමලා
තේ එක බොන්නේ මං
මීටිමකදී

උඹ ගාව සරම විසිකලා
දැන් කෝට් එක මදි

සිගිති දේවල් උඹලා ඉල්ලනකොට
කෝම කරන්නේ මං

උඹට පෝර බෙදන කම්මල මං
කෝලම් කරන්න එපා

දාපං බං චන්දේ මටම
පුරවං කන්නේ මං කටම

ගලවං සරමේ ගැට බං
බඩ මහත් වෙලා අද බං

කබලෙන් ලිදට වැටිච්ච උඹගේ
රොටිය අනලා කන්නේ මං

රූපේ කෑම බීම
මදුවිත මී පාසානං
බොරු පොරොන්දු
චක්කරේ වගේ කටපාඩම්

දීපං චන්දේ මට හදන්නම්
මං ගම් හතම
උඹේ චන්දේත් අරන්
ගෑනුත් අරන් මං මටම

Written by Costa × Master D

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply