ඔන්න | Onna by Indika Upamali [2020]

ඔන්න
රැය බෝවෙනවා
කැදවමින් ඔබ
මතක අරණට

කදුලු ගංවතුර
ගලා ගිය
කොපුල් මිටියාවත පුරා
මුදු සිනාමල් මෝදු වන

ඔන්න
දෑසම වැසුනා
ඉඩ දෙමින් ඝන කළුවරට
උණුහුම් සුසුම් පොදට
කැළබුණා

රණ හසුන් ඉගිලෙන්න
දගලන
විනීතයි උන් ඔබ
ලමැද විල

ඔන්න ඉකියක් බිදුනා
සියෝ ලගම
කිලිපොලා ගිය
ඉවසන්න තව
බැරිම තැන

වැරදි මතකයට
ගිනි ලෑ
අනුරාග ගිනිසිළුව
නිවමින

ඉන්න මොහොතක්
නොදොඩා
සැතපී
හංස විල මත
මේ ගැඹුරු කලුවර රාත්‍රිය

කෙලවර පිපෙන
ඉරමල
දවන්නට පෙර
සිහිනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *