පාරාදීස දූපත | Paradisa Dupatha by OOSeven [2022]

Sinhala song lyrics with music notes illustration

මේක විස මලකින්
හටගත් පරාගනයක්
දිය නොවෙනස් උන
භාජනයක්

ආ කිව්වා
සුබ අනාගතයක්
වෙන කලින් දැක්කා මං
සමූල ඝාතනයක්

පැල කලා
පිළිල හැම තැනකම රටේ
දැන් තාවකාලික පැලැස්තර
ගහලා ගැටේ
දත් හැලුනා සිංහයාගේ කටේ
දාලා යන්න ලෝබ කමේ
තව කාපන් මුතු ඇටේ

කරුම ගෙවනවා
හිර වෙලා දූපතක
ඉපදුනේ නැති උනුත් ණයයි
මේ දූපතට
දායාද කලේ උන් අන්ධකාරේ දූපතට
සාදරයෙන් පිලිගන්නවා
පාරාදීසේ දූපතට

තිස් වසරක යුද්ධයකින්
බැට කෑ
නිතරම ඉතිහාසේ
වංශේ කබල් ගෑ
ආගම් වාද
ජාති වාද
මැද්දේ කුලල් කෑ
දැන් උන් වෙන දූපතක්
හොයන් හබල් ගෑ

එකෙක් පිටින් එකෙක් ආවා
දියවන්නා

කල දුටු කල වල ඉහ ගන්නා

යා අපේ හීන ගිල ගන්නා
පාරාදීස දූපතේ රකුසෝ දාමු පන්නා

එකෙක් පිටින් එකෙක් ආවා
දියවන්නා

කල දුටු කල වල ඉහ ගන්නා

යා අපේ හීන ගිල ගන්නා
පාරාදීස දූපතේ රකුසෝ දාමු පන්නා

කිරි නැති තන පුඩු
කතා කලා ඇස් රතු
බඩගිනි වෙලා පාර දිගේ
දරදඩු
කරගෙන හිත අරගල
කලා කතුන්
හිටන් ඉද්දි රිදෙයි පතුල්
එලවන්න ගෙරි සත්තු

ප්‍රාණගාත බේරෙයි කෙල තාම
රස මිනී මස් වල
තාම දන්නෑ කවුරුත්
අතීතේ වුන දේවල් ගැන

ගාව ගන්නෑ ලේ
අත් වල කුණු අවුස්ස ගන්නෑ
කවුරුත් පරණ තුවාල පාරගන්නෑ
කුවේණිය බඩ උනා
පිටින් ආපු එකෙක් රජ වුනා

උන් අපෙන් කාලා තර වුනා
අපේ සල්ලි අභ්‍යාවකාශ ගත වුනා

මල පරවුනා අපේ උන්ට හික වුනා
කකියන ලේ පරද්දන්න
තටු කපලා බැලුවා
මේක නවත්තන්න
කාලේ මදී කරපු පව් ගෙවා ගන්න
අපායේ දොර ලග සාම දානෙ සැතපෙන්න

එකෙක් පිටින් එකෙක් ආවා
දියවන්නා

කල දුටු කල වල ඉහ ගන්නා

යා අපේ හීන ගිල ගන්නා
පාරාදීස දූපතේ රකුසෝ දාමු පන්නා

එකෙක් පිටින් එකෙක් ආවා
දියවන්නා

කල දුටු කල වල ඉහ ගන්නා

යා අපේ හීන ගිල ගන්නා
පාරාදීස දූපතේ රකුසෝ දාමු පන්නා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply