ගිම්හානයේ පිපිච්ච | Gimhanaye Pipichcha by Surendra Perera

Sinhala song lyrics with music notes illustration

ගිම්හානයේ පිපිච්ච මන්දාරමේ පෙගිච්ච
සන්සුන් සුවින් පිරිච්ච මල් හිනාව මානයේ
සන්සුන් සිතුම් දැනිච්ච මා තුරුණු හිත් පොඩිත්ත
කළඹනා හැගුම් එතිච්ච අරුමයක් ඔහේ දැනී
වසන්තය එපා අනන්තය පුරා
මේ සුරම්‍ය ජීවිතේ හොදා ආදරේ

නෙත් බැලුම් නිසංසලේ සිත් පුරා සරා
හිත් කොනේ අනන්තයේ ඔබ ලැගුම් අරා
ජීවිතේ බැඳී හිඳින්න ලංවෙලා මගේ ළඟින්ම
නෑ රිදුම් මගේ සෙනේ සදා ආදරේ

වෑහෙනා පැතුම් පිරේවි මත් වෙලා සිතුම්
සීරුවේ සිතින් මවාවී පෙම් නුරා හැඟුම්
මාරුතේ සුසුම් දවන්න ස්නේහයේ පවන් සලන්න
මා ලොවේ සිඳන්ගනා වෙලා ආදරේ

ගිම්හානයේ පිපිච්ච මන්දාරමේ පෙගිච්ච
සන්සුන් සුවින් පිරිච්ච මල් හිනාව මානයේ
සන්සුන් සිතුම් දැනිච්ච මා තුරුණු හිත් පොඩිත්ත
කළඹනා හැගුම් එතිච්ච අරුමයක් ඔහේ දැනී
වසන්තය එපා අනන්තය පුරා
මේ සුරම්‍ය ජීවිතේ හොදා ආදරේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply