පෙමක් | Pemak by Falan Andrea ft. Rivindu [2022]

Sinhala song lyrics with music notes illustration

සිතක් තනිවුන යාමෙක හමු වූ හිතවත
මතක් වෙනවා නම් කම් නැත නුඹේ ඒ පෙම
මමත් මැකුවානම් දුර වූ මගේ පෙම
හෙටත් තිබුනෝතින් ඉන්නට එනවද

ඇස් මත ලියවුනේ ඒ ආදරේ
මොහොතක් දුටු ඒ යාමයේ
ගැස්මක් නෑ හදේ
එය නම් තව ඇතේ
රහසක් කියන්න ලං වුනේ

තොල් මත ඇස් මත හාද වූ
ගැස්මට බැල්මට බොළඳ වූ
ඉතින් මේ ලෝකේ මේ ඉතින්
වත්කම හිස්කම තරම් වූ
සුන්දර පෙම්බර වියාරූ
පෙමක් වින්දදෝ මං පෙමක්

මටත් රහසක් වේදෝ ඇත්තට මගෙ හිත
තවත් දවසක් ඒදෝ මේ ලෙස ගෙවන්න
හිතත් හැඬුවා නම් හිමි නැති පෙමකට
නුඹත් මැකිලා යාදෝ හිත මත බොඳ වුන

ඇස් මත ලියවුනේ ඒ ආදරේ
මොහොතක් දුටු ඒ යාමයේ
ගැස්මක් නෑ හදේ
එය නම් තව ඇතේ
රහසක් කියන්න ලං වුනේ

තොල් මත ඇස් මත හාද වූ
ගැස්මට බැල්මට බොළඳ වූ
ඉතින් මේ ලෝකේ මේ ඉතින්
වත්කම හිස්කම තරම් වූ
සුන්දර පෙම්බර වියාරූ
පෙමක් වින්දදෝ මං පෙමක්

තොල් මත ඇස් මත හාද වූ
ගැස්මට බැල්මට බොළඳ වූ
ඉතින් මේ ලෝකේ මේ ඉතින්
වත්කම හිස්කම තරම් වූ
සුන්දර පෙම්බර වියාරූ
පෙමක් වින්දදෝ මං පෙමක්

ඇස් මත ලියවුනේ ඒ ආදරේ
මොහොතක් දුටු ඒ යාමයේ
ගැස්මක් නෑ හදේ
එය නම් තව ඇතේ
රහසක් කියන්න ලං වුනේ

තොල් මත ඇස් මත හාද වූ
ගැස්මට බැල්මට බොළඳ වූ
ඉතින් මේ ලෝකේ මේ ඉතින්
වත්කම හිස්කම තරම් වූ
සුන්දර පෙම්බර වියාරූ
පෙමක් වින්දදෝ මං පෙමක්

තොල් මත ඇස් මත හාද වූ
ගැස්මට බැල්මට බොළඳ වූ
ඉතින් මේ ලෝකේ මේ ඉතින්
වත්කම හිස්කම තරම් වූ
සුන්දර පෙම්බර වියාරූ
පෙමක් වින්දදෝ මං පෙමක්
පෙමක් වින්දදෝ මං පෙමක්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply