ආදරෙයිද මන්දා | Adareida Manda by Falan ft. Nuwandika Senarathne

Sinhala song lyrics with music notes illustration

ආදරෙයි ද මන්දා
දැනෙනවද ඔබට මාව ඉතින්

ජීවිතේ ඔබ තරම්
කිසි කෙනෙක් නෑ හිතට දැනුනේ නම්
රත්තරනේ ඔබද මේ
වසන්තේ මට දුරයි

ඔබේ මිස ඔහු මාගේ නම් නොව
මාගේ මිස ඔහු ඔබේම නම් නොව
වසන්තේ දුරයි
අපි දුරයි

ඔබේ මිස ඔහු මාගේ නම් නොව
මාගේ මිස ඔහු ඔබේම නම් නොව
වසන්තේ දුරයි
අපි දුරයි

ඔබ වෙනුවෙන් ආදරයේ
කවුලු හැරන්
මා සිටිනා අයුරු දැනත්
ඔබ නිහඩ ඇයි
රත්තරනේ ඔබ දනී
වසන්තේ මට දුරයි

ඔබේ මිස ඔහු මාගේ නම් නොව
මාගේ මිස ඔහු ඔබේම නම් නොව
වසන්තේ දුරයි
අපි දුරයි

ඔබේ මිස ඔහු මාගේ නම් නොව
මාගේ මිස ඔහු ඔබේම නම් නොව
වසන්තේ දුරයි
අපි දුරයි

කටුවට ඇද පැනසලක් අරගෙන
හදවත ඉල්ලුවෙම පින්සලක්
ආදරේ මගේ පන්සලක්
බෑනේ බෙදා හදාගෙන කන්න වගේ පන්සලක්
නොලැබෙයිද ලැබෙයිද අතරමග
සිතුවිලි අවුලන්නේ ගින්දර
කන්තක වගේ හදවත පැලෙයි
ආදරේ බෙදාගන්න බෑනේ වගේ වෙස්සන්තර
වෙරලු ගෙඩිය හතකට බෙදුවට කොහොමද
බෙදන්නේ හදවත
හීන දෙක තුනකට ඉකි බින්දට
වෙහෙස කරයි දැන් හති මට
බෑ හමුවෙන්න බෑ
යලි ලංවෙන්න බෑ
ඔහු ඇය ලග ඉන්නකොට
නෑ පිලිගන්නේ නෑ මගේ හිත
ඔහු මගේ නොවේ ඇය ඔහුගෙම වෙනකොට

නොලැබෙන බැව් දැන දැන මං
ඔබව පතන්නම්
ලං වෙද්දී ආත්මයෙන්
ඔබ නිහඩ ඇයි
රත්තරනේ ඔබද මේ
වසන්තේ මට දුරයි

ආදරෙයි ද මන්දා
දැනෙනවද ඔබට මාව ඉතින්

ජීවිතේ ඔබ තරම්
කිසි කෙනෙක් නෑ හිතට දැනුනේ නම්
රත්තරනේ ඔබද මේ
වසන්තේ මට දුරයි

ඔබේ මිස ඔහු මාගේ නම් නොව
මාගේ මිස ඔහු ඔබේම නම් නොව
වසන්තේ දුරයි
අපි දුරයි

ඔබේ මිස ඔහු මාගේ නම් නොව
මාගේ මිස ඔහු ඔබේම නම් නොව
වසන්තේ දුරයි
අපි දුරයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply