නයා | Nayaa by Big Harsha [2021]

Sinhala song lyrics with music notes illustration

I mean What the fuck with this game
Am i going crazy, or is it just the pain
Nobody’s gona give a fuck about you say
Unless you open your eyes and step into your plate

Big harsha නම පදිංචිය මාළඹේ
තනි ඇතා ඩෝ රජ කරන්නේ හිටියත් හාමතේ
අඩවිය කාගේ උනත් Real වෙන තරමටයි ගරු කරන්නේ,
අපිත් හොද රස්තා කොල්ලෝනේ!

සමාජය විසයි කස පාර සැරයි
මෝරුන් බඩගින්නට සාලයෝ ගිල දමයි
අපි හැදුනු වැඩුනු පරිසරේ කුනුගදයි
කට කොනින් හිනා වෙවී අපිටම බන කියයි

මුන්…. පර හැත්ත
රට ජාතිය ගැන කැක්කුමක් නැද්ද?
මිනිස්සු අසරණ වෙලා දැන් සැපද?
අල, ලූණූ, පොල් ගෙඩි අම්මගේ රෙද්ද

දුෂ්ට චරිත තොට දෂ්ට කරපු නිසා ආයෙත් ආවා බොල ලොකු හර්ෂ
ඇරපං නයි… තව ඇරපං නයි…

දෂ්‍ට කරන උන්ව ප්‍රශ්න කරනකොට ලැහැස්ති වෙයන් අඩෝ ටොකු කන්න
ඇරපං නයි… තව ඇරපං පොයී…

චන්දය ළග ළග එනවා
බෝතල් බුරියානි packet ready වෙනවා
ගිය පාර හොදෝටම අපි කෙරුවා,
කෙරුවා නෙමෙයි යකෝ ඇරියා, ඇරියා…

මානුෂිකව සිහිබුද්දියෙන් හිතපන්
පාතාලේ රජ වෙන තැන දණ ගහපන්
වරදට සමාව දෙන්නේ කවලා කිරිබත්
ඇත්ත කතා කරොත් රන්ජා වගේ කයි සිරබත්

ඕකයි ඇත්ත, රට යන පැත්ත
මුන් හිතන් ඉන්නේ මේ රට මුන්ගේ වත්ත
ජීවත් වෙන්න, මට අයිති පොළව
නැති කරන්නේ තනි කර මුන්ගේ බොරුව,

කොන්ද නමාගෙන හැරමිටි ගහාගෙන
ඉබි ගමනින් අපේ රට හදන්න එන
නායකයෝ ඉන්නේ මුදලට, බලයට,
නෑ නෑ බන් ඔය බොක්කෙන්ම කැක්කුම.

දුෂ්ට චරිත තොට දෂ්ට කරපු නිසා ආයෙත් ආවා බොල ලොකු හර්ෂ
ඇරපං නයි… තව ඇරපං නයි…

දෂ්‍ට කරන උන්ව ප්‍රශ්න කරනකොට ලැහැස්ති වෙයන් අඩෝ ටොකු කන්න
ඇරපං නයි… තව ඇරපං පොයී…

යසයි යසයි sir දැන්නම් යසයි
sir දැළබුවෙක් ගෑවුනොත් ඇග කසයි
සැමනුයි, පරිප්පු, සීනී හරි රසයි
දරු පල ලබන්න 22 මසයි

කැරකෙන ගෝලේ ඉන්දියන් සාගරේ මුතු ඇටේ
අත්‍යවශ්‍ය බඩු හිගාකන්නේ පිස්සුවෙන්
ඉගෙනීම කඩාකප්පල් වෙලා ළමයි පෝලීම්
සිංහල ඔනේ නෑ chinese ඇති පුතේ.

OK.
ඇති දැන් කතාව, මේක තමයි වෙලාව, පෙන්නපන් රැප් කලාවේ පලාව, මුලාවේ දාන්නේ නෑ අනෙක් කෙනාව, අහිකුණ්ඨික මම වයන්නම් නලාව, උබ නටපන් බැදන් ජටාව

වගකිවයුත්තන් උබයි මමයි
කොච්චර කිව්වත් එකම මගුල තමයි
මුතු ඇටේට හෙන ගැහිලා අඩෝ මාර දුකයි
බයියෝ, ටොයියෝ, ජෙප්පෝ වහගනින් කටයි පුකයි

දුෂ්ට චරිත තොට දෂ්ට කරපු නිසා ආයෙත් ආවා බොල ලොකු හර්ෂ
ඇරපං නයි… තව ඇරපං නයි…

දෂ්‍ට කරන උන්ව ප්‍රශ්න කරනකොට ලැහැස්ති වෙයන් අඩෝ ටොකු කන්න
ඇරපං නයි… තව ඇරපං පොයී…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply