පිණි බිංදු | Pini Bindu by Dilshan Maduranga [2024]

Sinhala song lyrics with music notes illustration

සතුට කියයි හිරු කතා
ආදරෙ ගැන ගොත ගොතා
මං ආසම මල් ලතා
පරදයි ඔබ සදලතා වී

තරු සිනා සී ආකාසයේ
ඔබ නිසා පා වේ මා

මේ හීනේ ලයාවී
රෑ යාමේ හිනා වී
සංසාරේ සරාවී
මා හුදෙකලා වී

සුරලන්දූ ඔබ හිනැහෙද්දී
හිත ආසම මල් පිපේ ආදරය ගෑවී
පිණි බිංදු ඔබ නහවද්දි
අපෙ ආදර මල් පෙතේ මා දුරෙක යාවී ඒවී

සියුමැලි අතැගිලි ඔයා පටලවන්න මැණික මගෙ හිසේ
හද තුල සිතැගි ඔබට අවනතයි මේ දවසේ
පිවිතුරු ළය මත මගෙ ඔබ නිදන්න දැවටි සුව ලෙසේ
නල මුදු සුවද ඔබගෙ මට දැනේ මේ රහසේ

මියැසි මං ආවේ සංසාරේ සංචාරේ සංකාවේ ඔබ සොයා
නැවති මං ගාව නෙත් මානේ සිත් යායේ ඉන්න ඉවත නොයා

සද නැතිවූ කළු අහසයි
ඔබ නැතිවූ දිවි පලසයි
කිසි පල නැති මගෙ සෘංගාර කුමරි
සංසාර හීනෙම වින්දෙ ඔබයි මම

මේ හීනේ ලයාවී…

සුරලන්දූ ඔබ හිනැහෙද්දී…

written by Kelum Dissanayake

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply