රන්‌ මුදුවට | Ran Muduwata Watuna by Chandana Liyanarachchi

රන්‌ මුදුවට වැටුණා කදුඵ බිදුක්‌
මගේ දෙනෙතින්‌ එක අවසක්‌
ඔබ වෙන්වුණු දින සිට මේ වනතෙක්‌
මා දැවුණා දහස් වරක්‌
මට සිතෙන ලෙසට ඔබ හට ඇත්තේ
තෙතමනයක්‌ නොමැති සිතක්‌
ඔබ උරැම කළේ ඇයි මට රිදවුම් දී
හිරැ සදු නොමැති ලොවක්‌

ඔබ සොයම්න්‌ පෙර හවයේ පතාගෙන
කවදාවත්‌ වෙන්‌ නොවේ කියාගෙන
සපැමිණි බව හැගුනා
ලබැදි වු තරමි ඔබෙන්‌ තොරව වෙන
ලොවක්‌ නැතැයි සිතුණා
ලෙන්ගතු කම දැනුනා


රන්‌ මුදුවට වැටුණා කදුඵ බිදුක්‌
මගේ දෙනෙතින්‌ එක අවසක්‌
ඔබ වෙන්වුණු දින සිට මේ වනතෙක්‌
මා දැවුණා දහස් වරක්‌
මට සිතෙන ලෙසට ඔබ හට ඇත්තේ
තෙතමනයක්‌ නොමැති සිතක්‌
ඔබ උරැම කළේ ඇයි මට රිදවුම් දී
හිරැ සදු නොමැති ලොවක්‌

සෙනෙහස මගෙ පපුතුරේ හොවාගෙන
හැමදාමත්‌ ඔබ මගෙයි සිතාගෙන
අප අතිනත් බැදුනා
නමුදු මා පැතුව පැතුම් සියල්ලම
සිහිනයක්ව ගියදා
බැදි අතිනත් බිදුනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *