රටකින් එහා ඉගිලී | Ratakin Eha Igili by Priya Suriyasena

රටකින් එහා ඉගිලී
තනිවෙන්න බෑ…
සිතකින් නොවේ කිසිදා…
හැරයන්නෙ මා
අදමෙන් ලඳේ හෙට නෑ
හමුවෙන්නෙ මා…
ගෙනයමි ඔබේ ආදරේ…
ආදරේ…

ලාදළු දෙතොල්
හසරැළි මට වෙළී…
ආගිය ගමන් සිහිව එයි යළි යළි
අසමාන වූයේ අප ආදරේ…
කිසිදා බිඳෙන්නෑ සැකයක් නැතේ

රටකින් එහා ඉගිලී
තනිවෙන්න බෑ…
සිතකින් නොවේ කිසිදා…
හැරයන්නෙ මා

අතිනත වෙලා පටලලා රන්හුයෙන්
ඔබ ගෙන යමි සපුරලා සිතුපැතුම්
හෙට ඒ දිනේදී සයුරෙන් එහා
පිළිගන්නවාදෝ පැමිණි වහා

රටකින් එහා ඉගිලී
තනිවෙන්න බෑ…
සිතකින් නොවේ කිසිදා…
හැරයන්නෙ මා
අදමෙන් ලඳේ හෙට නෑ
හමුවෙන්නෙ මා…
ගෙනයමි ඔබේ ආදරේ…
ආදරේ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *