in #GoHomeGota2022, Dinesh Gamage

රතු තොල් | Rathu Thol by Dinesh Gamage [2022]

රතු තොල් සිපගන්නද මං ආයේ
සිත තනි නෑ ඔබගේ ඇස් මානේ
බැහැදුල් සිනහා
අමතක කර මා
ඉන්නේ සැමදා

මතකය සැමදා
සිත තුල සගවා
සැනසෙන්නම් මා

ඔය අත ගෙන ආයේ
හොර රහසේ දුර යන්නට හිතුනා

මේ හීනයේ
හැගුමන් හිතේ
ගිලිහී ගියේ ආයේ
ඔය අතගෙන ආයේ
හොර රහසේ යන්නට හිතුනා

දෑසින් වැටෙනා කදුලක් ගානේ
ඔබ දැනුනා
ගෙවෙනා මොහොතක් ගානේ
තනිකම් තනි මැකුවා

ජීවිතේ ආදරේ මා සොයනා හැගුමන්
මතුවූවා
ආදරයේ අර්ථය මා ආදරයෙන්
නුඹගෙන් දුටුවා

රතු තොල් සිපගන්නද මං ආයේ
සිත තනි නෑ ඔබගේ ඇස් මානේ

මේ හීනයේ
මේ හීනයේ
හැගුමන් හිතේ
ගිලිහී ගියේ ආයේ
ඔය අතගෙන ආයේ
හොර රහසේ යන්නට හිතුනා

banner

Leave a Reply