රැව්වත් දෑසින් | Rawwath Dasin by Yohani [2020]

Sinhala song lyrics with music notes illustration

රැව්වත් දෑසින් එක හෙලින්
දැනුනා නුඹේ ආදර වදන්
මට සිහිවේ
ඔබේ ගුණ කඳ මං ගයමි දැන්
මගේ ආලෝකය නුඹ සෑම කල්
ඔබ වන්දේ

තේරෙන් නෑ මේක පටන් ගන්න තැන
මට මගේම හීනෙක තනිවෙන්නට
වරම් නෑ මේක ඇදන් යන්න කමක් නෑ
මට විදිහක් නෑ මේක කියන්න
මේකයි මං ආස විදිහ නුඹේ ගුණ වයන්න
මගේ ආදරේ තරම කියන්න කියන්
ඔබේ සවන් යොමන්
ඔබෙ අකීකරු දෝනිගේ කතාව අහන්න

එනකන් මග බලන් හිටිය අපි වරු ගණන් දින ගණන්
ඔබ නැති මෙසේ කෑවත් නෑ බඩ පිරුණේ නෑ
ඔබ දකිනකන් ගෙට වඩිනකන්
පියතුමනි අපිට පද හැදුවා බේගල් තැනුවා
ඔබ ළඟ නැති හින්දා අපි වින්දා මව නින්දා
වින්දා මම ඒ දෙස බලන් රහසින් ඉකි බින්දා

කළුවර රෑ තනි කෙරුවට ඔබයි පිය රජින්දා
උතුරත් දකුණත් යා කල බල සෙන් නිරින්දා
අපි දුක් වින්දට දිවා රෑ නුඹ රට රැකුවා
වඳින්නේ දෑත් මුදුන් කොට නුඹයි මගේ විරුවා

තිබුන් නෑ හරි ළමා කාලයක්
තිබුනෙම ගැහෙනා නිහඬ බාවයක්
රටින් රටට පිය මනින කාලයක්
එකට කෑවෙ නෑ සැහෙන කාලයක්
එන්නෙපා පාසල් කියපු රාවයක්
ගොදුරක් වෙයි අපි උඹ නිසා
රැව් දෙයි ඒ වදන් කන් පුරවලා

වෙඩි නොවදින වවුනියාව
මතකද නංගිගේ හුරතල් හිනාව
මට තාම මතකයි ඔබ ගාව සුවඳයි
හැම රෑම හඬවයි
අම්මේ තාත්තා කෝ

ගණ කැලයක තනිවෙලා
නුඹ වදිනවා යුද දිවි පසෙකලා
ඒ බව මගේ හිත දැනං හිටි නිසා
හැම දින නුඹ හට ආදරේ කළා

රැව්වත් දෑසින් එක හෙලින්
දැනුනා නුඹේ ආදර වදන්
මට සිහිවේ
ඔබේ ගුණ කඳ මං ගයමි දැන්
මගේ ආලෝකය නුඹ සෑම කල්
ඔබ වන්දේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply