රෝජා | Roja by Dhanith Sri [2021]

Sinhala song lyrics with music notes illustration

රෝජා නුඹ අද හවසත් එනවද
රෝජා නුඹ මා තනිකර යනවද
රෝජා තව එක බැල්මක් දෙනවද
රෝජා නුඹයි ආලේ මාගේ

ආකාසයෙන් ආ ලඳේ..
දෙව්දූකවන් රූපෙ මාගේ..
දෝරේ ගලයි ආදරේ..

මේ රැය නුඹ මා ළඟ නැති හන්දා..
නුඹ ගැන මතකය සිහිනෙක රන්දා..
මා තනියම වින්දේ..

මේ රැය නුඹ මා ළඟ නැති හන්දා..
නුඹ ගැන මතකය සිහිනෙක රන්දා..
මා තනියම වින්දේ..

කඳුරැල්ලේ ලන්දේ පායා සිනාසේ..
මල් වාරේ ඇවිදින් මෙහේ..
දෙකොපුල් විලේහී හසරැල් පිපේවී..
හැඟුමන් හදේ යාවෙවී..
ආලේ හැඟුම්..
ප්‍රේමේ පැතුම්..
ඇතිරූ සිතින් මා මෙහේ..
හිඳිමී ඉතින්..
නෙතුකැන් පියන්..
එයිදෝ සොයා මා කෙරේ..

රෝජා නුඹ තනියම අද එනවද..
රෝජා අද නුඹ මාගේ වෙනවද..
රෝජා නුඹ තව ඈතට යනවද..
රෝජා නුඹයි ආලෙ මාගේ..

ආකාසයෙන් ආ ලඳේ..
දෙව්දූකවන් රූපෙ මාගේ..
දෝරේ ගලයි ආදරේ..

මේ රැය නුඹ මා ළඟ නැති හන්දා..
නුඹ ගැන මතකය සිහිනෙක රන්දා..
මා තනියම වින්දේ..

මේ රැය නුඹ මා ළඟ නැති හන්දා..
නුඹ ගැන මතකය සිහිනෙක රන්දා..
මා තනියම වින්දේ..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply