in Shihan Mihiranga

රොන් සුවඳ ගෙන | Ron Suwanda Gena by Shihan Mihiranga

රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ
ඇල් පවන් මත නිම්තෙරක් වෙත මන් බිඟුන් වාගේ
ජීවිතේ හරි සුන්දරයි ආදරය එහි මල් මිටයි
ඉන්නවානම් මා ළඟින්
කොයිතරම් නම් සොදුරුද මිහිරේ

රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ
ඇල් පවන් මත නිම්තෙරක් වෙත මන් බිඟුන් වාගේ
ජීවිතේ හරි සුන්දරයි ආදරය එහි මල් මිටයි
ඉන්නවානම් මා ළඟින්
කොයිතරම් නම් සොදුරුද මිහිරේ

මල් වයසේ නිදි නැති ඇස් පියන් යට
ආල හැඟුම් පිබිදෙයි උස් පැතුමකට
හිරිමල් සිතිවිලි කළඹා
රත්තරනේ ඔබ සිත තුල රහසේ

රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ
ඇල් පවන් මත නිම්තෙරක් වෙත මන් බිඟුන් වාගේ
ජීවිතේ හරි සුන්දරයි ආදරය එහි මල් මිටයි
ඉන්නවානම් මා ළඟින්
කොයිතරම් නම් සොදුරුද මිහිරේ

මල් වරුසා වැගිරෙන මේ සිසිල යට
හීන ලොවේ දොරගුල් දැන් ඇරෙනවද
නිකැලැල් පැතුමක සැඟවී
රත්තරනේ ඔබ හිටි හැටි මනසේ

රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ
ඇල් පවන් මත නිම්තෙරක් වෙත මන් බිඟුන් වාගේ
ජීවිතේ හරි සුන්දරයි ආදරය එහි මල් මිටයි
ඉන්නවානම් මා ළඟින්
කොයිතරම් නම් සොදුරුද මිහිරේ

banner

Leave a Reply