සාදුකාරේ | Saadukare by GZER x Manakkalpitha [2024]

Sinhala song lyrics with music notes illustration

තට්ටෙ ගෑවට සිවුරු ඇන්දට
හැමෝම වෙන්නේ නෑනෙ රහත්
සාගරේ වගෙ තියෙන බණ පද
කට පාඩමෙන් කිව්ව උඹත්

පන්සලේ පිංකැටය පුරවං
යාන වාහන ගන්න සමත්
රහත් කියාගත් හුඟක් තට්ටයෝ
වෙට්ටු දානවා තාම අදත්

කල්‍යානයි මල් යහනයි
බුදු සාදුට රට බාරයි
හැන්දෑවයි රෑ බෝවෙයි
දන්සල් පෝලිං ගොඩ වෙයි

අම්බානක කුණුහරුපයි
බණ තිබ්බේ වෙන තැනකයි
බිස්නස් නම් හැම තැනමයි
ලෝක විනාසේ අත ලඟමයි

උදේට හවසට ඉන් බොක්ස් පිරිලා
කියන්නෙ දවසම බුදු සරණ
රෑ වෙනකොට ඉල්ලන්නෙම නිරුවත
කාටත් නොපෙනී අත මරන

කටිනෙට ලොකුවට පිංකම් ලියලා
ගහන්නෙ කටවුට් මඟ දිගට
පරම්පරාවෙම නම් ටික ලියන්නෙ
වහන්නෙ පව් ටික උන් කරන

කන්දක් දැක්කොත් පන්සල් හදනවා
ලොකුවට උස්සලා බුදු පිළිම
පන්දම් අරගෙන යක්කුත් බහින්නෙ
ජාතිය රකින්න හෙල දෙරණ

දන්සල් වඳින්නෙ නම්බර් අරගෙන
පෝලිම් බහින්නෙ රෑ ජාමෙට
පන්සල් පැත්තට පන්සිල් අරගෙන
යන්නට හිතුනද බාගෙට

පින්සල් අරගෙන තොරණක් ඇදගෙන
කෑ ගහන්නෙ ආධාරෙට
ආමිස විතරද උඹලට පුළුවන්
බුදුන් කිව්වෙ බන් ඒකද

ලිප්ස්ටික් ගාගෙන ෆේෂල් දාගෙන
සුදු ඇඳගත්තට පත්තිනී
දන්සල් ආවෙම කැටයම් දාගෙන
මෝල් කරන්නද පිංබරී

වටයක් කැරකිලා කැටයම් කරන්නෙ
කෝලම් දාගෙන සුන්දරී
තණ්හා රතීට රඟන්න ආවද
සිවුරක් ලඟටම ගින්දරී

ඇත්ත තමයි බන් බුදුන් දකින්නට
පිං මදි වෙන්නැති සංසාරේ
මෝඩ හු## උඹලගෙ හිස් මොල ගෙඩි
හරි ගස්සන්නයි මං ආවේ

ශාන්තිය කොහොම ලබන්නද
සම්බුදු හිමියන් හුරු කල
තනතුරට මරා ගන්නවා මේ මහ
සංඝරත්නයත් ගරුතර

කේන්තිය විනාස වීමයි
මනුස්සකම් යුතු ගරු කල
මස් කඩෙත් ලොකුවටම ගහල තිබුණෙ
බෝ සමිඳුගෙ පිහිටයි කළුතර

වැඩියෙන් පව් කරන උනුයි
හයියෙන්ම කියන්නේ සාදු
උපාසකයි වගේ පේන උන්
කරන්නේම වැඩ ධාතු

දැන් බණට වඩින්නත්
පනහක් ගන්නවා සාදු – නෑ පාඩූ
පින්වත කියන්න තෙවරක් සාදූ

විකුණපු උන් අද ධර්මය
කාටද පඬිසන් දුන්නේ කර්මය
ස්වභාව ධර්මය වනසන උන්දැලා
සිහිකර ගනිල්ලා මරණය

මේ කියන කතා හෙන පරණය
අපි මයි තෝරගත යුත්තෙ වරණය
සසර කරන්නේ තරණය
කොහොමද අපිට බුදුන්ගේ සරණය

කෝ දේසනාව ආ අදත් කියන්නේ
ඇදයක් ගැනමයි සායක
හරි වාසනාව තව තවත් හිමිවරුන්
ඉන්නවා සම්මා ගායක

ඔය නොතේරුනට හොර හොරෙන් කරන වැඩ
දන්නවා සභාව දායක
මේ කරන විකාරය පේන්නැද්ද
මේ රටේ හිමියන්ට නායක

සමාවෙන්න හිත රිදුන නම්
මං කිව්වේ මගෙ අදහස
ස්තුතියි බුදු හිමියනේ
දුන්නට මට මගෙ නිදහස

මලක් වෙලා හරි ඔබ පාමුල
විඳගන්නම් ලැබුනා නම් සිසිලස
නෑ මම මේ දවස
අද නෑ මූණේ මේ බොරු මදහස

written by GZER x Manakkalpitha

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply