ඇයි මං ආවේ | Ai Man Awe by Shan Putha × Dilu Beats

Sinhala song lyrics with music notes illustration

කාලය විසින් තීරණෙ කරාවි හැමදේ
දකුණතින් දුන්නු දේවල් ගාවගන්නෑ වමතේ
මවු ගසින් දුර තනිවම බීජ පැලවේ
අම්මා නැති දරුවොත් කොතනක හෝ කෝනක නැලවේ

නෑ දිනුවෙ විභාග ගුරු දෙගුරුන්ගෙන් අපහාස
පෙනුනෙනෑ සීමාව ඇවිද්දා දැනුන්නෑ පිපාස
පාරෙම ගැවසුනාට බෝදෙ මගහැරුනාට
තැවෙන්නෑ පසුමං බලා ආපසු හැරුනාට

බොරුවෙ අතු බෙදුනා ඇත්ත තාල වර්ගේ
මේ ගේම ගහන්නෙ යන්න බලාන නෙමෙයි ස්වර්ගේ
දිවිනහගන්න එක නෙමෙයි බං විකල්පේ
හිතහයිය කරං නොබලා හිටපං බල්කෙ

මුලින්ම….
පද හදන එවුන්ට වෙන්න ඕනෙ පිංසිද්ද
උඹල දැක්කෙ මගෙ දියුනුව දැක්කෙ නෑ දුක් මං වින්ද
දැක්කෙ නෑ කොලුගැටයා පාරක් පාරක් ගානෙ ඇවිද්ද
මම දන්නවා මේකෙ හැටි මෙහෙමයි ඒකයි නොගත්තෙ මේ හිත රිද්ද

වරදින්න මොහොතයි හරියන්න කල්ගියා
බුදුන්ගෙන් නයගන්න මිනිස්සු පන්සල් ගියා
අත්පොලොසනක් දියං යන්නැතුව හූතියං
තවකෙග්ගෙ දියුණුව දැක හිතින් උඹ ඌ වෙයං

වහල් උනු එවුන් අපි ඇලීගෙන රාගයන්
මුගටියා වගේම එතනදි වැරදී නාගයත්
වගේම ජිවිතේට උන්නු බෝ දෙනාගියා
උඹ මොනාද කරන්නෙ, Rap කිව්වම ගොඩක් අයට හිනාගියා

භාදක ඇත තාවමට පැනීමට..
හිතුවා ගමේ ඉඳන් උන්ට පුළුවන්නම් ඇයි මේක කරන්න බැරීමට
දැන් අමාරුයි හැරීමට
මං Try කරේ අම්මා තාත්තා මං ගැන මවපු ලෝකෙ
දෑස් වැසෙන්නට පෙරඔවුන්ගෙ ඇස් ඉදිරියේම මැවීමට

මතුබුදුවන ගිහිහා ආවෙ මොන මලෙන්
කෙලිය එකා කවුද මිනියකට ගොඩදාලා වලෙන්
හැමේකාම උත්සහාය කුරුල්ලො දෙදෙනෙක් එක ගලෙන්
කුහකයො ඉපදෙන්නෑ සමජයයි හැදුවෙ බලෙන්..!

බෙදන්න හැදුවට උඹල අපි එකම කුලකයක්
තලගොයා නයාට ගොදුරක් හැබැයි දෙදෙනාම උරගයන්
ජරාමරන නොතකන මනුස්ස වර්ගයා අතර
මට මං එක්කවත් අඩුමතරමේ නෑ තරඟයක්….!!!!

වැහි මන්දාරේ
තෙමීපාරේ
මං දන්නෑ ඇයි ආවෙ මං ඇයි ආවෙ.

මා නෑ දෙවියන් බාරේ
සංසාරේ…
ඇයි ආවේ මං ඇයි ආවෙ ඇයි ආවේ..

නොනින්දත් මරනින්දත් හුරුවෙච්චි
ඒ හින්දා කලින්දාත් අනිද්දාත් ගැන ඒතරම් නෑ නිච්චි
ප්‍රසංසාත් සේ නින්දාත්
මේ සාංසාරේ ඇවිද්දාත්
භව තන්හාය පැවිද්දාත්
උන්ට තාමත් නෝතේරිච්චි..!

සමහරු මස් කෑවා කට්ට අපේ ගිණුමට බැරවෙන්න
අපෙත් මෝලෙ තිබ්බෙ අතේ ආසනෑ කොතනවත් කොරවෙන්න
නියපොත්තෙන් කඩන්නතිබුනත් අපි ගැහුවා පොරවෙන්ම
කාලය කිව්වා ඇති දැන් උඹත් සොභාදහමට බර වෙන්න…!

මේ කොහේද මම කවුද දන්නෑ ඔහේ දුවනවලු,
රස දන්නෙ දිවයි, විඳපු දුක කියයි පෙනලහු,
අතීතය සුන්දරයි හරිම, එකයි අමතක කරනු බැරිම, දෙමාපියන්, සහෝදරයන්, යාලුවො කාලයක් ගෙව්වා මම කැriම…!

මිනිස්සු.. Algorithm එකෙම්ම උන් වාසියට හැරෙනවා,
තවකෙක්ගෙ වේදනාවක් අඩු වැඩියෙන් අපිට දැනෙනවා
කෙරෙන්න ඕනෙ වෙලාවට
කෙරෙන්න ඕනෙ දේවල් කෙරෙනවා,
“ආදරේ කරපං මිනිස්සුන් ට මොකද කියල කිව්වොත් උන් හරි ඉක්මනට මැරෙනවා…!”

වතුර මොක උනත් පනිනවා හුරුයි (පීනලා ගිලිලා)
මාසෙ පඩියත් සොච්චමයි ගත්තේ මං
(නැහිලා නැහිලා)
මේකෙ (තැලිලා පෙලිලා) හුරු උනා ලද දෙයින් සතුටු වෙන්න
අත් හැරීම ප්‍රගුන කරා නෑ දේකට (ඇලිලා ගැලිලා)…!

නෙත්දෙකින් කතා කරයි
එක පැත්තකීන් කලාබරයි
එක පැත්තකීන් දඩබ්බරයි
අත්දැකීම් ගොඩක් බරයි
හිතේ තියන දේවල් ලිව්වෙ ඉඳීද දන්නෑ මං හෙට
මට කිසිම දෙයක් එපා අම්මේ හැමදේම දෙන්න මල්ලිට..!

පැවසුවොතින් මම ඇත්තම
සලකනව උපරිම අයියලගෙ නමට මුලු පැත්තම
එක වර්ගෙ පක්ශින් වැහුවා එකම අත්තෙම
මම හෙට ඉන්න ආස නෑ මේ අද ඉන්න තත්වෙම…!

මඩ වලකි ජීවිතේ විටින් විට කැලැත්වෙන
ජීවත් වෙයං මේ ගෙවෙන මොහොතෙ පැවැත්වෙන
අකමැත්තෙන් නෙමෙයි මා ඉතාමත්ම කැමැත්තෙන
එකාතකින් බැලුවම මෝඩයකි මමත් හෙන…!

වැහිමංමන්දාරේ…

මා නෑ දෙවියන් බාරේ…//

written by Shan Putha

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply