සබඳිනී | Sabandini by Abhisheka Wimalaweera ft. Pranirsha

Sinhala song lyrics with music notes illustration

සබඳිනී මා ඔබේ
සබඳිනී මා ඔබේ
රතදර කෝඩුකාර
කරමින භාරහාර
දින ගැන ගැන හිඳිමි
සබඳිනී මා ඔබේ
සබඳිනී මා ඔබේ

රාමුවකට ගන්න දෙනවදෝ
ඔය හිනාව
නෙළුම් තුඩු වටා
ඇන්ද නිය රටා
සළු පටින් වසා
ඉන්නම් හීන බලබලා
සළලාන මාගෙ
හීනේ පාට ඇහිරිලා
හනි හනික එන්න
හීනේ පාට ඇහැරිලා

ඔබගේ ආලෙන්
දුන්නු ඒ නිධානෙන්
දින ගැන ගැන හිදිමි
සබඳිනී මා ඔබේ

පාද සළඹෙ ගිගිරි පාළුවෙන්
හනික එන්න
නෙළුම් තුඩු වටා
ඇන්ද නිය රටා
සළු පටෙන් වසා
ඉන්නම් හීන බල බලා

සළලාන මාගෙ
හීනේ පාට ඇහැරිලා
හීනේ පාට ඇහිරිලා

අටවෙනි ස්වරය ඔබද
ඔබ ළඟ ළගම නේද?
දින ගැන ගැන හිදිමි
සබඳිනී මා ඔබේ

නින්ද නේන රැයක පිපුණු
කුමුදු සුවඳ ඔබගෙ නේද?
නින්ද නේන රැයක පිපුණු
කුමුදු සුවඳ මගෙම නේද?

written by Abhisheka Wimalaweera

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply