Philosophical drill track exploring Buddhist existentialism and urban hypocrisy.

Song Lyrics

භව තණ්හාවයි කාම
ගිනී ගන්නේ මේ තාම
හමුවෙන්නමයි ඕන
කවුරුත් නෙමේ මට මාව

ශෝකේ හැමදාම නෑ බං
Okay මට හැමදේම
ලෝකේ ඉපදීම මරණේ මැද්දේ
ජීවත්වීමයි ගේම

එන්නේ අපි අඬාගෙන
ගන්නේ දෝතින් වඩාගෙන
හිතේ තිබ්බා හැමදාම
ඉන්න මේකේ රඟාගෙන

මාරයා එද්දී රඟපාපු
Movie එකත් බලාගෙන
යන්න වෙන දවසක් එනවා
සදහටම නිදාගෙන

නහිවේරේන වේරානි
සම්මන්තීධ කුදාචනං
බේරෙන්නේ මේ කරුණාවයි
ගැලවෙන්නෑ පදාසනම්

අයින් වෙන්නේ ලයින් වෙද්දී
දන්න නිසයි සතාව මං
පයින් යද්දී ගොඩක් වුන්ගේ
දෝලාවෙන් කතාවනම්

තොට ලඟ තොරණේ මොන Story ද ලොක්කා
පොඩි වැට මාර හැට පැනපු කොටු වලටත් වික්කා

දැන් යට ලීයෙන් නාරිලතා මල් පූදින අක්කා
මං පිටකොටුවේ බෝධිය යට පටාචාරත් දැක්කා

ඒ Map එක විතරක් මදි බලපන් බං speed Signs
හැප්පෙන දොරවල් තුනයි
වචනේ සහ සිත කයින්

සීතල් වෙද්දී ඇඟ මාරයා ලඟ ඉද්දී නෑ ලයින්
බෝතල් තුනෙන් ආතල් කුඩු කිරි, වයින්, සේලයින්.

Hook
මැරුණම කොහෙද යන්නේ
නෑ අපි දන්නේ
විසි කළා වසවිස ආයි ළඟට නෑ ගන්නේ

ගලන්නේ වදන් පලන් යන්න දෙන්නේ
මං විසි කරා මන්නේ පරණ ඇලා මරපු මං මේ…//

Verse
වස්සානේ ආව ගමන් ගිම්හානේ කෝමත් පරණයි
අස්සාදේ ආදීනවේ ඊට පස්සේ නිස්සරණයි

ඇස් දෙක විතරක් බලපන් විශ්වාසේ නැති තරමයි
මස් කඩේ ලොරියෙත් තිබ්බේ ඉස්සරහින් බුදු සරණයි..

සීලිං fan කැරකිල්ලයි පාරයි මන්න මාළු
මචං හීලිං වෙන්නෑ rest in peace සැතපෙනවාලූ

WOW..Calling යම රාජු පැය විසි හතරෙම යාළු
මචං පෝලිම් තිබ්බේ අපායටයි Heaven එකයි පාළු

කුකුළා හඬලන්නත් කලින් ගොඩාක් බණ අස්සනවා
අම්මයි තාත්තයි මඩම්වල ඉඩම්වලට පස්කනවා

ගස්සනවා බස්සනවා පතුරම් කොපු හිස්වෙනවා
කතුරක් දුන්නු ගමන් අතට ගොඩක් උන්ට කෙස් එනවා

නයි පුප්පද්දී advice ලඟට උන්ගේ නොයන්නයි
මුන් ට්‍රයි කලේ “ප”යන්නට “ක”යන්න ලියන්නයි

“ඇ” යන්නයි “ල” යන්නයි ලියපන් “න්” යන්නයි
හෙට ඉඳන් උඹලට වෙන්නේ මගේ නම කියන්නයි

උඹලා Villain වෙලා ෆිල්ම් එකේ පැරදෙද්දී බොකායි
අපි බලෙන් ගේමක් ඉල්ලන්නෑ ඉල්ලුවොත් දුකායි

මචං කලන්තෙනම් වාඩි වෙයන් බෙහෙත් දෙන්නේ ඩොකායි
මේ මීගමු වැල්ලට මොන රැල්ලත් එකායි..

Hook
මැරුණම කොහෙද යන්නේ
නෑ අපි දන්නේ

විසි කළා වසවිස ආයි ළඟට නෑ ගන්නේ
ගලන්නේ වදන් පලන් යන්න දෙන්නේ
මං විසි කරා මන්නේ පරණ ඇලා මරපු මං මේ…//

Song Information

Song Title: Saline (සේලයින්)
Artist: Alan Sofy
Lyrics: Attidiye Pugngnarathana Thero
Genre: Sinhala Rap / Drill
Language: Sinhala
Release Year: 2026


Song Summary

“Saline” is a profound 2026 drill track that merges aggressive street production with deep Buddhist philosophical insights. The mood is gritty, cynical, and intellectually sharp, portraying the narrator as a witness to the inherent contradictions of life and death in a modern urban landscape. It depicts a world where religious symbols (like “Budu Sarana” on meat trucks) clash with the reality of greed and inevitable decay, ultimately suggesting that life is a temporary movie we watch until the final sleep.

Song Meaning

The song functions as a modern-day Dhamma sermon delivered through rap, dissecting the “Thanhawa” (craving) and “Kama” (lust) that fuel human suffering. The title “Saline” serves as a metaphor for the temporary, artificial life-support we cling to—whether it’s alcohol, drugs, or worldly ego—before death (“Yama Raju”) inevitably calls. Themes of religious hypocrisy are central; the lyrics analyze the irony of children sending parents to elders’ homes while fighting over land, and the vanity of status in a world where everyone ends up in the same “queue to hell.” By referencing the Pali verse “Nahi Verena Verani” alongside images of “Patachara” in Pettah, Attidiye Pugngnarathana Thero captures the essence of a soul trying to find “Nissarana” (deliverance) amidst the chaotic “Vassana” (rainy season) and “Gimhana” (summer) of existence.

Frequently Asked Questions (FAQ)

What does the title “Saline” represent in the song?
It represents the temporary and fragile nature of life-support, suggesting that human existence is being sustained by artificial comforts (drugs, wine, ego) that ultimately cannot prevent death.

How does the song address religious hypocrisy?
The song highlights the irony of people preaching peace or displaying religious slogans (“Budu Sarana”) while engaging in violence or cruel trades, such as the transport of animals to slaughterhouses.

What is the significance of the “Movie” metaphor?
The lyrics describe life as a film we watch until we die, implying that human actions are often a performance (“rangana”) and that we will eventually have to witness our own ending.

Who wrote the lyrics for this Alan Sofy track?
The lyrics were penned by Attidiye Pugngnarathana Thero, which explains the deep incorporation of Buddhist philosophy and Pali stanzas into the drill rap format.

Leave a Reply