සඳ එලිය | Sanda Eliya by Kasun Kalhara

Sinhala song lyrics with music notes illustration

මේ රාත්රි යාමේ
සුසුමන් මිදෙන සීතේ
තනිවී අන්ධකාරේ
පතනා උණුසුමයි ඒ

එළියක් සඳ නිසා හැදෙනු දකිනෙමි
අළුවන් වලා පරදනා
සුළඟක් වඩින තුරු මග බලා ඉමි
සඳවත දෙනෙත හමුවනා

මේ සොඳුරු සීතේ
මා පතන ලෝකේ
කෙලෙස මා සොයම්දෝ සඳවතේ

මේ නිල් ජලාශේ
කුසුමක් සොයන දෑසේ
මිදෙනා කඳුළු අතරේ
පතනා සැනසුමයි ඒ

පරමල් විලද උන් රස සොයා යන
මේ දිගු ගමන නිමවලා
මදුවුන් බිඳුනු නුබේ වත හමුවන
දින ගැන පැතුම් පීරලා

මේ අඳුරු යාමේ
මා සැමට රහසේ
හැඩෙමි මේ සිත් මලේ රුව සොයා

දහසක් කළු වලා අතර මුතුවන්
සඳ දැන් එලිය සැඟවලා
සුළඟක් අවැසි විය ඔබව දකිනට
සුළඟක් මවනු කෙලෙස මා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply