in M. G. Dhanushka, Saman Edirimunee

සදවත අහසින් | Sandawatha Ahasin Watila by M. G. Dhanushka

සදවත අහසින් වැටිලා
උන්නද මන්දා මිදුලේ
නොකියම ඔය හිත උදුරන්
යන්නට හිතුනා කෙල්ලේ

තනි වූ වෙලාවක
ඔබ මගේ ලග
ඉන්න මා හැරදා නොයා
පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත
දෙනව මං
නොමිලෙම ලියා

මගේ පාළු ජීවිතේ
තනියට තනිකම රැදුණේ
ඔය නුහුරු නෙතු බැල්මේ
හුරු හිතවත්කම තිබුණේ

තනි වූ වෙලාවක…

දිගු නීල ඇස් රහසේ
ඉගලෙයි නොපෙනෙන මානේ
මගේ හීන මට ඕනේ
කවදද ඔබ මගේ වෙන්නේ

තනි වූ වෙලාවක…

සදවත අහසින් වැටිලා
උන්නද මන්දා මිදුලේ
නොකියම ඔය හිත උදුරන්
යන්නට හිතුනා කෙල්ලේ

තනි වූ වෙලාවක…

written by Saman Edirimuni

banner