සඳේ සාවී | Sande Savi by Gihan Bandara from Iskole Teledrama

Sinhala song lyrics with music notes illustration

සදපාන ඉවසයි
ගම්මානේ විමසයි
කොහෙදෝ සදේ අයිති සාවියේ

කෝ කොහේද සද අයිති සාවී
දුර ආකහේ හැංගුනාදෝ
තරුමන් වැටෙන් පැන ගියාදෝ

සදපාන ඉවසයි
ගම්මානේ විමසයි
කොහෙදෝ සදේ අයිති සාවි

සිනා නැගුන නිල් දියේ
චමත්කාරේ වියලී ගිහින්
කොදමල්ද ලතවෙයි පෙමින්
නිල්ල නිලන කදුපෙතේ
පලා පැහැය දුරුවී ගිහින්
විහගුන්ද ගොලුවී හෙමින්
සද අයිති සාවී කොහෙදෝ ගිහින්
ගම්මානේ අදුරේ තෙමෙයි

සදපාන ඉවසයි
ගම්මානේ විමසයි
කොහෙදෝ සදේ අයිති සාවි

කැලෑ මල් රුවත්තියන්
ඉබේ නැටුම් තාලේ නටින්
කල එලි උනා නම් දොලින්
මගේ අදුරු හිත පවා නුඹේ
එළිය ලංවූ සැනින්
දිලිසේවී ආලේ නමින්

සදපාන ඉවසයි
ගම්මානේ විමසයි
කොහෙදෝ සදේ අයිති සාවි

කෝ කොහේද සද අයිති සාවී
දුර ආකහේ හැංගුනාදෝ
තරුමන් වැටෙන් පැන ගියාදෝ

සදපාන ඉවසයි
ගම්මානේ විමසයි
කොහෙදෝ සදේ අයිති සාවි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply