සරසවියේ දොරටුව | Sarasaviye Doratuwa by Chamara Weerasinghe

Sinhala song lyrics with music notes illustration

සරසවියේ දොරටුව ළඟවත් නෑ
අපේ මතක මැකිලා
ඔයාම පෙම් කල ඔයාම හැර ගිය
ඔබේ පෙම්වතා තනි කරලා
ඔබේ පෙම්වතා තනි කරලා

අපි ආගිය හැම තැන්වල වෙන අය ඉන්නවා
ඔයාම ඇවිදින් බලලා යනවද
වෙන්නැති දාහක් දේවල් ගැන මටත් හිතෙනවා
ඔයාගෙ සෙනෙහේ කවදා ලබන්නද
වෙන්නැති දාහක් දේවල් ගැන මටත් හිතෙනවා
ඔයාගෙ සෙනෙහේ කවදා ලබන්නද

යන එන අත‍ෙරදි මා ඔබව සොයනවා
මෙවන් රුවක් නම් මා කෙසේ ලබන්නද
පෙම් බැදි සහසක් සිත් ළඟ මා ඉඩක් සොයනවා
ඔයාගෙ සෙනෙහේ කොහෙන් හොයන්නද
පෙම් බැදි සහසක් සිත් ළඟ මා ඉඩක් සොයනවා
ඔයාගෙ සෙනෙහේ කොහෙන් හොයන්නද

සරසවියේ දොරටුව ළඟවත් නෑ
අපේ මතක මැකිලා
ඔයාම පෙම් කල ඔයාම හැර ගිය
ඔබේ පෙම්වතා තනි කරලා
ඔබේ පෙම්වතා තනි කරලා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply