සතුටින් නිදැල්ලේ | Sathutin Nidalle by Greshan Ananda

Sinhala song lyrics with music notes illustration

සතුටින් නිදැල්ලේ
අවසර ලද ඇසිල්ලේ
මේ අදුරින් මිදීලා
ඉගිලීයන් කුරුල්ලලෝ
සතුට පතා හිතා මතා
කියමි ගොතා නියම කතා
හොදම කතා විනෝදයට
ඕන් අසාගන්නකෝ

කුරුලෙකු සිර කරලා
තබනු බැහැ නොවැ කිසිදා
ඌ ලොවේ සුව සොයා ඉගිලුනේ
සැනසීමෙන් ඉදලා
මැරුනත් කම්නැහැ කියලා
ඒ මිහිර සුව විදින්න
සොඳුරු නැවුම් ලොවට යන්න
සතුටින් පියාඹන්න
රූං කියා නිදහසේ
සතුට පතා හිතා මතා
කියමි ගොතා නියම කතා
හොදම කතා විනෝදයට
ඕන් අසාගන්නකෝ

සිත සවියෙන් පුරවා
සිටිනා අය ජය ලබලා
මේ ලොවේ සුව විදී සැම දිනේ
ඇයි සෝකෙන් තැවිලා
මොකටද ඉන්නේ හඬලා
මේ දොරගුළු බිදින්න
පැතූ පැතුම් සඵල වෙන්න
සතුටින් පියාඹන්න
රූං කියා නිදහසේ
සතුට පතා හිතා මතා
කියමි ගොතා නියම කතා
හොදම කතා විනෝදයට
ඕන් අසාගන්නකෝ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

2 thoughts on “සතුටින් නිදැල්ලේ | Sathutin Nidalle by Greshan Ananda”
  1. Hi,
    Here’s a big request for you.
    Can you please add a comment section with the songs you post in your telegram channel. It will be much easier to request songs we need trough telegram. And its better if you could post full lyrics in the telegram channel besides linking it to the website.
    Thank you.

Leave a Reply