සෙනේහයේ ප්‍රතිමූර්තිය | Senehaye Prathimurthiya Amma by Sahan Rashmika

සෙනේහයේ ප්‍රතිමුර්තිය සිහි කරනෙමි පෙම්මා
ලේ කිරිවුණු හදවත තුල දරුපෙම නැත නිම්මා
කඳුළු දරා සුසුම් දරා විඳි දුක් කන්ද රෑ දිවා
මෙතේ බුදුන් දැක නිවනට යනු මැන මගේ අම්මා

සාගර ජලය තරමට දුක වෙලාගෙන
දෑසේ කඳුළු රහසෙම බිම හෙලාගෙන
විශාකාව සේ පියවර තබාගෙන
නා කපනා වැහි බීරම දරාගෙන

ඈ හද මඩල දුක් ගිනිකඳ නිවේවා….
ගෙවෙන ගෙවෙන මොහොතෙම සැප වැඩේවා….
ආයුවර්ණ ප්‍රඤ්ඤා බල වැඩේවා….
අම්මට මගේ නිවනට දොර මැවේවා….

Leave a Reply