සිනා පොදක් වී | Sina Podak Wee by Deepika Priyadarshani

Sinhala song lyrics with music notes illustration

සිනා පොදක් වී ඔබගේ දෑසේ
නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
කඳුලැල්ලක් වී ඔබගේ දෑසින්
ගිලිහී යන්නට උරුම කලේ ඇයි..

සිනා පොදක් වී ඔබගේ දෑසේ
නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
කඳුලැල්ලක් වී ඔබගේ දෑසින්
ගිලිහී යන්නට උරුම කලේ ඇයි..

සෙවනැල්ලක් සේ ඔබ දිවිගමනේ
අත්වැල වන්නට පැතුම් පැතූ මා..
මිරිඟුව දක්වා – නෙතු යුග රවටා..
වල්මත් කරදා සැඟව ගියේ ඇයි..
වල්මත් කරදා සැඟව ගියේ ඇයි..

මල් කැකුලක්සේ ඔබ හද උයනේ..
විකසිත වන්නට සැරසී උන් මා..
මල් කැකුලක්සේ ඔබ හද උයනේ..
විකසිත වන්නට සැරසී උන් මා..
සිතගිණි අවුලා – පියවර අහුරා..
අසරණ කරදා ඉවත ගියේ ඇයි..
අසරණ කරදා ඉවත ගියේ ඇයි..

සිනා පොදක් වී ඔබගේ දෑසේ
නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
කඳුලැල්ලක් වී ඔබගේ දෑසින්
ගිලිහී යන්නට උරුම කලේ ඇයි..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply