සිත සැලුනා | Sitha Saluna by Centigradz

Sinhala song lyrics with music notes illustration

ඇය හද ගැස්මේ සඟවා
සිහිනයකට පෙම් කරලා
දුක විතරක් තුරුලු කරන්
ඔහු යනවා ඈ සොයලා

ඇය හද ගැස්මේ සඟවා
සිහිනයකට පෙම් කරලා
දුක විතරක් තුරුලු කරන්
ඔහු යනවා ඈ සොයලා

නුඹ වේ මා හිමි කාරියේ
නුඹ වේ මා පැතු ලෝකයේ
නුඹ වේ මා දුටු සිහිනයේ
නුඹ වේ මගෙ මුලු ජීවිතේ

සිත සැලුනා නුඹ හින්දා
නෙතු හැඬුවා දුක හින්දා
සිත සැලුනා නුඹ හින්දා
නෙතු හැඬුවා දුක හින්දා

ඔය දෙතොල ආදරෙන් සිප ගන්න දැවටෙන්න
පැහැදුල් නුවන් සඟලේ මට ඉන්න ඉඩ දෙන්න
සියපතක පෙති අතරේ දැනෙන සුව විඳ ගන්න
කවදාද ඔබ එන්නේ මගෙ හිතට සැනහෙන්න

සිත සැලුනා නුඹ හින්දා
නෙතු හැඬුවා දුක හින්දා
සිත සැලුනා නුඹ හින්දා
නෙතු හැඬුවා දුක හින්දා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply