සිතකින් නොවේ | Sithakin Nowe by Chandana Liyanarachchi

සිතකින් නොවේ
ඔබගෙන් සමුගන්නේ
පිළිතුරු නැති හන්දා
කොතරම් පිදුවත්
අගයක් නොවේ නම්
ලතවී හිදින් ඇයිද මා

කිසිවක් නොඅසා රිදවුම් දෙවන්නේ
නොදනී වටහා ගනු කෙසේ
කිසිවක් නොඅසා රිදවුම් දෙවන්නේ
නොදනී වටහා ගනු කෙසේ
සිතුවම් මවාවී දෙකොපුල් තෙමා
ඉවසුම් නොදේ මේ ලෙසින්

සිතකින් නොවේ
ඔබගෙන් සමුගන්නේ
පිළිතුරු නැති හන්දා
කොතරම් පිදුවත්
අගයක් නොවේ නම්
ලතවී හිදින් ඇයිද මා

ඈතින් ඈතට වෙන්වී යන්නම්
නොදකින ලෙසින් වත මගේ
ඈතින් ඈතට වෙන්වී යන්නම්
නොදකින ලෙසින් වත මගේ
කඳුලන් වුණාදෝ මගේ ජීවිතේ
උරුමය මෙසේ වේවි නම්

සිතකින් නොවේ
ඔබගෙන් සමුගන්නේ
පිළිතුරු නැති හන්දා
කොතරම් පිදුවත්
අගයක් නොවේ නම්
ලතවී හිදින් ඇයිද මා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *