in Rahal Alwis

සිතට හොරා මං | Sithata Hora Man by Rahal Alwis [2015]

සිතට හොරා මං
ඔබේ වෙලා දැන්
ලොවට හොරා මං
පෙම් කරන්නම්
ඇගේ නිසා මං
දුරින් හිඳින්නම්
දුරට වෙලා මං
පෙම් කරන්නම්
වැටහෙන්නෑ කඳුළු ඇයි මෙසේ
වෙන් වෙන්නෑ මියනතුරු මගේ ආදරේ

නෙතු සිඹින සිඹින සුසුමන් පවා
පාරවයි හද මගේ
ඔය ගලන ගලන කඳුළින් නෙතේ
සසලවයි සිත මගේ
කඳුළු පුරෝගෙන
ඉන්න හිතාගෙන
නුඹේ සිනාවල මියැදෙන්නම් ඉතින් මං
මියැදෙන්නම් ඉතින් මං

පෙරදා රෑ අහසේ
පෑයු සඳසාවී
අද රෑ මගෙ අහසේ
පායාපන් රහසේ
නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
නුඹ ඉන්නවාද දන්නේ නෑ මගෙ ලෝකයේ
නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
නුඹ ඉන්නවාද දන්නේ නෑ මගෙ ලෝකයේ
නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
නුඹ ඉන්නවාද දන්නේ නෑ මගෙ ලෝකයේ
නුඹට දැනෙනවාද දන්නේ නෑ
මගෙ ආදරේ

සිතට හොරා මං
ඔබේ වෙලා දැන්
ලොවට හොරා මං
පෙම් කරන්නම්
ඇගේ නිසා මං
දුරින් හිඳින්නම්
දුරට වෙලා මං
පෙම් කරන්නම්
වැටහෙන්නෑ කඳුළු ඇයි මෙසේ
වෙන් වෙන්නෑ මියනතුරු මගේ ආදරේ

banner

Leave a Reply