සිතින් විතරක් | Sithin Witarak by Chamara Weerasinghe

සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිද ඔබ දෙස බලන්නම්
ලංව ඉන්නට බෑ ‍ඔබේ අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ

නිසල නෙතින් ඔබ මදෙස බලා හිදි
දෙතොල් ඔබගේ මදහසින් සැරසේ
දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ
දෙතොල් සිනහා මවනු මට ‍බෑ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ ම‍ටද ඔබ හිමි නෑ
සිතින් විතරක්…

සසල උනත් මගෙ සිතිවිලි ඔබ ලග
නිසල කරන් මම ඉන්නම් සෑම දින
කාත් කවුරුවත් නොමැති මා හට
ඔබත් අහිමව ගියපු අරුමය
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
සිතින් විතරක්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *