Sri Lankan 2000’s Hits Medley by Sarith & Surith with News [2022]

Sinhala song lyrics with music notes illustration

හිනැහෙන්නේ හිත හීනෙන් දෝ
හිතමින් කොයි කොයි කාගැන හෝ
චාටු රෑක තරු රැස් ඉගියක් වාගේ

හිනැහෙන්නේ හිත හීනෙන් දෝ
හිතමින් කොයි කොයි කාගැන හෝ
සැනහෙන්නේ හිත ආදරයෙන් බැදී

රෑ පුරා මින් නද ඇවිදින් මේ
ආකාසේ මල් හී මා නන්දේ

සීට වූ හිත් පිත් ගුම් නාදේ
ආශාවේ පෙම් මල් පූදින්නේ

සංවේදනා නිවාලූ
හිරිමල් සිතුවිලි ඉගිලෙද්දෙන්
රන් සමනල තටු සැලුනා වාගේ

සිහිලාරේම නැලවෙන්නම්
සුළගක් සේ ලග දැවටෙන්නම්
මේ සිහිනය සොදුරුයි නිබදේ

සිංදු හැන්දෑව පෙම්වතී ගාව
සිදුවක් සේම ගෙවලා
සිංදු හැන්දෑව පෙම්වතී ගාව
සිදුවක් සේම ගෙවලා

නින්ද මං ගාව තාමත් නෑ
එන පාටකුත් නෑ
සුසුමකින් කීව
කදුලකින් කීව
කවිගී තියනවා

සිංදු හැන්දෑව පෙම්වතී ගාව
සිදුවක් සේම ගෙවලා
සිංදු හැන්දෑව පෙම්වතී ගාව
සිදුවක් සේම ගෙවලා

කිසිදා අඳුරේ හඬවන්නෙ නෑ
හෑඬුවත් සොඳුරේ රිදවන්නෙ නෑ
දිවියේ මතු දා තනිවෙන්නෙ නෑ

ජිවිතේ හසරැල් ආදරේ අභිමණ්
සිහිනේ සැතපී අපි ඉන්නෙ නෑ
පවනේ සැඟවී අපි යන්නෙ නෑ
මෙලොවේ කිසිදා වෙන්වෙන්නෙ නෑ
ප්‍රේමයේ අරුමේ
එ ඔබේ මහිමේ

හිනැහෙන්නේ මං
මේ විල් තීරේ පියමෙන්නේ
ඔබ එක්ක මං
මේ ගංගාවේ පැද යන්නේ
ඔබ හින්දා මං
මේ සංසාරේ සැනසෙන්නේ
අත ගන්න රැක ගන්න
මට ඉන්න නිල් නයනීයේ

මගෙ ජීවිතේ සොදුරේ ඔබ පමණයි
නෑ යන්නේ හැරදා කිසිදා
තරුමිලින වෙලා
සදු නෑ අද මගෙ ලෝකේ
බොද වී පැතුමන් මා හඩවා

ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සත්තට තුරුලු වී සැනහුනේ
ලස්සන සිනහවට පැටලුනේ
සිදගන ඔබද මා සුරතලී

ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සත්තට තුරුලු වී සැනහුනේ
ලස්සන සිනහවට පැටලුනේ
සිදගන ඔබද මා සුරතලී

වසන්තයේ සිත සැලුනා
අනන්තයට දුක දැනුනා
පවනක් වී ඔබ දුර ඇදුනා
සුවඳක් සේ මා ළඟ රැදුනා

වසන්තයේ සිත සැලුනා
අනන්තයට දුක දැනුනා
පවනක් වී ඔබ දුර ඇදුනා
සුවඳක් සේ මා ළඟ රැදුනා

මල් පෙත්තක් සේ සුසිනිදු සිත
මගෙන් නුඹ කොහින්දෝ හොරකම් කරා
තව රිදෙන්න නෑ ඉඩක්
මගෙ හදවතේ
මට දුකද සතුට වේ

කවුළුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවා
ඔබ තිළිණ දුන් රෝස පඳුරේ
පිපුණු මලේ පෙති කඩා හැලෙනවා
මට පේනවා

මනමාලකම් මේ නාඩගම්
මට කියාදෙන්න හිතුනාම නම්
කටකාරනම් පුරසාරමින්
මම දිනාගත්තේ හරි සීරුවෙන්

මනමාලකම් මේ නාඩගම්
මට කියාදෙන්න හිතුනාම නම්
ඔය ප්‍රේමයෙන් වැහිලා ඉදන්
ඒ වැරැද්ද කරන්නේ මං

ඔබ යන්න ඉතින් පියඹා
සදා දුක් ගින්න හිතේ රදවා
සෙවණැල්ල වගේ ඉදලා
පියාපත් සින්ද මගේ කුමරා

ඔබ යන්න ඉතින් පියඹා
සදා දුක් ගින්න හිතේ රදවා
සෙවණැල්ල වගේ ඉදලා
පියාපත් සින්ද මගේ කුමරා

Now ma take you back to the year 94
I was pulling like a Ferrari the night before
I got up 4 to 5, 6 in ma studio
We don’t wave 4 5’s just to rock the show
You don’t have to do drugs to be a rap star
Listen up you before trying being gangster
You want to know how I do it so lighter
I’ll score ma goals like Manchester United

ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply