සුදෝ සුදු | Sudo Sudu by Kasun Kalhara

Sinhala song lyrics with music notes illustration

සුදෝ සුදු දෙතොල මධූ
සුදෝ සුදු දෙනෙත මධූ
මධූ මධූ මධූ මධුර මධූ
සූදෝ සුදු සුදු සූදෝ සුදු

පවන් සලන්න වරල මොණර පිල් කළඹින්
ලවන් දොවන්න සිසිල් සුරත් තොල් සඟලින්
ගිමන් නිවන්න සිහිල් සුසුම් මඳ පවනින්
සවන් සදන්න මියුරු තෙපුුල් රන් ස්වරයෙන්

කැලූම් මුදන්න නීල නුවන් මිණි පහනින්
තැවුල් දවන්න ළමැද හංස තුඩු පහසින්
උදාව එන්න ඉන්ද්‍ර දිගින් හිරු විලසින්
සදා රැඳෙන්න හද දෙවොලේ පුද ලබමින්

සුදෝ සුදු දෙතොල මධූ
සුදෝ සුදු දෙනෙත මධූ
මධූ මධූ මධූ මධුර මධූ
සූදෝ සුදු සුදු සූදෝ සුදු

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply