Sunflower Band Medley by Sarith & Surith with News [2020]

Sinhala song lyrics with music notes illustration

යම ලොව ඉපදුන… හොද හොද වැඩ දෙන…
සොමියට බර අපි සොමි කාරයෝ…
ඔබ හැම හදුනන… නම කිව්වම බය…
අපායේ සොමි කාරයෝ අපි සැම…

යම ලොව ඉපදුන… හොද හොද වැඩ දෙන…
සොමියට බර අපි සොමි කාරයෝ…
ඔබ හැම හදුනන… නම කිව්වම බය…
අපායේ සොමි කාරයෝ අපි සැම…

ඒ ඒ…. අපායේ …අපේ…..විමානේ
ඒ ඒ…. අපායේ …අපේ…..විමානේ

රීරි යකා මම අපායේ සින්දු කියන්නා..
ගරා යකා මම දහ අට සන්නි නටන්නා..
හැම දෙන නරබන සොමිබර මම මහා සෝනා..
කොයි කවුරුත් ආදරේ මම ඔඩ්ඩි මස්සිනා…
ගයාලා… වයාලා… ජමාරේ.. දමාලා…

අපි දාලා නටමු ඩිගිසි ඩිගාරේ…
තාම ඉන්නේ සොමියේ අපායේ…

යම ලොව ඉපදුන… හොද හොද වැඩ දෙන…
සොමියට බර අපි සොමි කාරයෝ…

ඔබ හැම හදුනන… නම කිව්වම බය…
අපායේ සොමි කාරයෝ අපි සැම…

ඒ ඒ…. අපායේ …අපේ…..විමානේ
ඒ ඒ…. අපායේ …අපේ…..විමානේ

මහා රෑ සුලගේ රැල්ල නැගීලා
මරු හා සටනේ පිම්ම ගසාලා
අව්වේ වේලී
ගොයම් කපාලා
ගා ගා ගත්තේ ශක්තිය දාලා
අපි හේල හෙලෙයි කියලා
මහ මුහුදේ සටන් කරලා
අර මාලු දැලත් ඇදලා
අතමිට මොලවන්නේ

අපි ගොයම් කවිය කියලා
රන් කරල් ‍යසට කපලා
බෙරේ ගහලා නටලා
තද සුලං යොදන්නේ

ඔරුවේ නැගලා
කිසි බයක් නෑ හිතේ
මුහුදේ ගෙවීලා යයි අපේ ජීවිතේ
නගුලේ බලයෙන් මට තලන්නේ කෙසේ
අපගේ සුවදයි ඔහෙලාගේ බත් පතේ
ලොකු ලොකු මාළු බත රසකර දෙන්නේ
දීවර සොයුරෝ නැති දා දෙල් කන්නේ
හරි හරි යාළු මොකටද හැප්පෙන්නේ
කිරිබත් කාල සුබ වැඩ අරබන්නේ
දීවර සොයුරෝ නැති දා දෙල් කන්නේ
කිරිබත් කාල සුබ වැඩ අරබන්නේ
දීවර සොයුරෝ නැති දා දෙල් කන්නේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply