in Pramoth Ganearachchi, Sahan Isuranga

සුර දූ | Sura Duu by Pramoth Ganearachchi [2023]

ගී තාලෙන් නලවන්න නුඹේ කෝලකම්
එනවාදෝ සිප ගන්න රතු රෝස තොල්
ගිලුනාවේ නුඹේ රූපෙන් ඇඳි ඒ හැඟුම්
ආයේම මගේ වෙන්න තුරුලට ඇවිත්

නැවතී නෙත් මානේ සුර දූ සේ ඈ පේනා
ගැලවී යා නොහැකී පිනි සුසුමන් ඈ ගේනා
දෙවියන්වත් පැමිනේදෝ ගන්නට මා බේරා
දැනිලා මා නොදනී ඈ හා ගෙව් ඒ හෝරා…

උණුහුමට ගුලිවෙන්න මේ පපුතුරේ
කිමදෝ නුඹ සැඟවෙන්නේ සේයාවියේ
තනි වුනි මා නුඹ නැති නිසා
නුඹ නොදනී මා ගෙව් රෑ දිවා

අඳුරේ මා තනිවීලා වුන් හැම වෙලේ
මෘදු වදනින් මා සැනසූවේ නුඹමයි ප්‍රියේ
කිමදෝ නුඹ ආවේ මෙදා
රකිමි නුඹ දිවි ඇති තුරා

written by Sahan Isuranga

banner

Leave a Reply