හඳ ගාවින් | Handa Gawin by DILU Beats [2022]

Sinhala song lyrics with music notes illustration

නොසිතු මේ අලුයමේ
ඈ ඒ්දෝ ගාවින් මා
තිරික්කලේ ගමන් ගියේ
පටු පාරේ ඈ හා මා
ගින්නෙන් වැසී තරු විසී
තව දෑසක් අළුවීලා
අද මෙසේ තනියමේ
ඉන්නේ ඇයි අපි

හඳ ගාවින් ආයෙත් මානම් පියඹන්නෑ
ඒ් යාමේ ආයෙත් අපිනම් හමුවෙන්නෑ
හුදකලාවේ වෙලී ඉන්නම් මං ගැලවෙන්නෑ
මේ හදේ ආයෙත් පරවුණු මල්නම් පැලවෙන්නෑ

වාරුවෙන් සඟවා
ආදරේ දුන්නා
වාරණා නැතුවා නොවයි අපි
ආදරෙන් වෙලුනා

දවස් ගෙවී හවස් වෙවී හරස් වෙවී දෑතේ පැටලේවී
ආලේ මැසිමෙන් දෙන්නම් දුසිම් ගනන් පෙම් මල් විසී අහසේ පැතිරේවී
ආරාධනා, මේ වාදනා, පෑ චෝදනා හා මා ඇවිදීවී
මා ප්‍රාර්ථනා, ඈ නර්ථනා, මේ වර්ථමානේ මා තනිවේවී

හී සැරෙන් හිත පාරණා කාරණා තිබුනා
හීතලෙන් තැවී වුන්නු මා මීදුමේ ගිලුනා

හඳ ගාවින් ආයෙත් මානම් පියඹන්නෑ
ඒ් යාමේ ආයෙත් අපිනම් හමුවෙන්නෑ
හුදකලාවේ වෙලී ඉන්නම් මං ගැලවෙන්නෑ
මේ හදේ ආයෙත් පරවුණු මල්නම් පැලවෙන්නෑ

වාරුවෙන් සඟවා…

written by Sahan Isuranga

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply