in Prathap Eash

තත්පරය | Thathparaya by Prathap Eash [2015]

දෑඟිලි අතර ඔබේ
නොදැනිම දවස ගෙවේ
හුරතල් බැල්ම ඔබේ
උමතුයි මේ සිත මගේ
හෙට දිනක් නොසිතනා
මොහොතක්
රැදෙන්න දෙන්න හදේ මට
තත්පරයක්

නපුරු වූ ලෝකෙන් මිදී
අපේම ලෝකෙක තනිවෙලා
ගෙවනුයේ ඒ දිනක්
හෙට දවසක හීනේ වෙලා
අරමුණක් නැති ගමනකයි
ඔබ මා
තත්පරයත් කල්පයක් සේ
දැනෙනවා

දෑඟිලි අතර ඔබේ
නොදැනිම දවස ගෙවේ

හෙට දින ඉර පායන තුරා
අන්ධකාරයක තනි වෙලා
රන් හුයන් හැම පසෙකලා
ඔබ කැඳවගෙන යමි මෙමා
එරෙහි උනත් ලෝකයක්
අපට මතුදා
තත්පරයක් ඉවසමු අපි
හිනහිලා

දෑඟිලි අතර ඔබේ
නොදැනිම දවස ගෙවේ
හුරතල් බැල්ම ඔබේ
උමතුයි මේ සිත මගේ
හෙට දිනක් නොසිතනා
මොහොතක්
රැදෙන්න දෙන්න හදේ මට
තත්පරයක්

banner

Leave a Reply