තත්පරය | Thathparaya by Prathap Eash [2015]

Sinhala song lyrics with music notes illustration

දෑඟිලි අතර ඔබේ
නොදැනිම දවස ගෙවේ
හුරතල් බැල්ම ඔබේ
උමතුයි මේ සිත මගේ
හෙට දිනක් නොසිතනා
මොහොතක්
රැදෙන්න දෙන්න හදේ මට
තත්පරයක්

නපුරු වූ ලෝකෙන් මිදී
අපේම ලෝකෙක තනිවෙලා
ගෙවනුයේ ඒ දිනක්
හෙට දවසක හීනේ වෙලා
අරමුණක් නැති ගමනකයි
ඔබ මා
තත්පරයත් කල්පයක් සේ
දැනෙනවා

දෑඟිලි අතර ඔබේ
නොදැනිම දවස ගෙවේ

හෙට දින ඉර පායන තුරා
අන්ධකාරයක තනි වෙලා
රන් හුයන් හැම පසෙකලා
ඔබ කැඳවගෙන යමි මෙමා
එරෙහි උනත් ලෝකයක්
අපට මතුදා
තත්පරයක් ඉවසමු අපි
හිනහිලා

දෑඟිලි අතර ඔබේ
නොදැනිම දවස ගෙවේ
හුරතල් බැල්ම ඔබේ
උමතුයි මේ සිත මගේ
හෙට දිනක් නොසිතනා
මොහොතක්
රැදෙන්න දෙන්න හදේ මට
තත්පරයක්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply