උන්මාද වූ | Unmada Wu by Kamal Addararachchi & Damayanthi

Sinhala song lyrics with music notes illustration

උන්මාද වූ ප්‍රේමාදරේ
සමනළ වසන්ත යෞවනයේ
සංසාරයේ සුබ ප්‍රාර්ථනා
ඉදුනිල් දෙනයන සටහන් වේ

රල පෙළ කැලබේ හසගන විලසේ
ලවනත සුදු මුදු පහස ලැබේදෝ
රල පෙළ කැලබේ හසගන විලසේ
ලවනත සුදු මුදු පහස ලැබේදෝ

ඔබ හදවත මා හදුනාගත් සේ
මා හදවත ඔබ හැදින ගනීදෝ

සංසාරයේ සුබ ප්‍රාර්ථනා
ඉදුනිල් දෙනයන සටහන් වේ
උන්මාද වූ ප්‍රේමාදරේ
සමනළ වසන්ත යෞවනයේ

කිදුරු කොදෙව්වේ කසුන් කුමරිකාවී
සයුරු තෙරෙන් සැගවී අවාදෝ
කිදුරු කොදෙව්වේ කසුන් කුමරිකාවී
සයුරු තෙරෙන් සැගවී අවාදෝ

චණ්ඩ මාරුතේ ඉන්ද්‍ර කිලයක් වගේ
නොසැලී ඉන්නට වරම් ලැබේදෝ
සංසාරයේ සුබ ප්‍රාර්ථනා
ඉදුනිල් දෙනයන සටහන් වේ

උන්මාද වූ ප්‍රේමාදරේ
සමනළ වසන්ත යෞවනයේ
ඉදුනිල් දෙනයන සටහන් වේ
සමනළ වසන්ත යෞවනයේ

ඉදුනිල් දෙනයන සටහන් වේ

හ්ම් හ්ම් හ්ම් හ්ම් හා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply