උපමාවක් | Upamawak by Manej Sanjaya [2021]

Sinhala song lyrics with music notes illustration

නාඩන්න රත්තරනේ
සමුගමු හිත හදාගෙන
හෙට ඉදන් අපි දෙදෙනා
හුරු වෙමු හුදෙකලාවට

මගෙ නමේ අවසානයට
ඔබේ වාසගම යා කරන
ලස්සන නිමාවක් නෑ
අපෙ ආදර කතාවට

උපමාවක් කලොත් හිතේ
උඹ හට තියෙන ආදරේ
ගන්නට බැරි තරම් තිබේ
වැලිකැට වාගේ සාගරේ

උපමාවක් කලොත් හිතේ
උඹ හට තියෙන ආදරේ
ගන්නට බැරි තරම් තිබේ
වැලිකැට වාගේ සාගරේ

මතකයි ද පොද වැස්සක
අපි දෙන්න ඉස්සර
එක කුඩය යට හිටියා දැවටීගෙන

පණ එන්න කියමින් මියගිය
ඒ අතීතෙට
අපි ඉමු නොගී හිටි
පාරමිතාවක

මගෙ නමේ අවසානයට
ඔබේ වාසගම යා කරන
ලස්සන නිමාවක් නෑ
අපෙ ආදර කතාවට

උපමාවක් කලොත් හිතේ
උඹ හට තියෙන ආදරේ
ගන්නට බැරි තරම් තිබේ
වැලිකැට වාගේ සාගරේ

උපමාවක් කලොත් හිතේ
උඹ හට තියෙන ආදරේ
ගන්නට බැරි තරම් තිබේ
වැලිකැට වාගේ සාගරේ

වෙන් වෙන්න මත්තෙන්
එකසැරයක් බදාගෙන
හුරුබුහුටි ඔය සුදු මුහුන
බලාගෙන
පවසන්න දහසක් දේ
තිබුනාට දුක්බර
නොදොඩා ඉදින්නම් කාලෙට
ඉඩ හැර

මගෙ නමේ අවසානයට
ඔබේ වාසගම යා කරන
ලස්සන නිමාවක් නෑ
අපෙ ආදර කතාවට

උපමාවක් කලොත් හිතේ
උඹ හට තියෙන ආදරේ
ගන්නට බැරි තරම් තිබේ
වැලිකැට වාගේ සාගරේ

උපමාවක් කලොත් හිතේ
උඹ හට තියෙන ආදරේ
ගන්නට බැරි තරම් තිබේ
වැලිකැට වාගේ සාගරේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply