වෙන් වී යන්නට | Wen Wee Yannata by Damith Asanka

Sinhala song lyrics with music notes illustration

වෙන් වී යන්නට පළමුව හිතමුද
පෙම් කළ ලස්සන පෙම් ලෝකේ
සුන්දර හිත උඩු හුළඟේ ගියා අද
ගින්දර දීලා හිතට මගේ
ආදරයත් අන්ධයි
සාගරයක් වගේ කඳුළු වැටෙයි

සාරි ඔසරි මුතු මාල වළලු ගෙන
තෑගි බෝග දුන්නා රුසිරූ
දෝසි ලොසින්ජර ඒ කවුළු පත්
ගෙනල්ලා දුන්නා රස පිරුණු
මොනවද මං කළ අඩුපාඩු
තවත් හිතක තනලා කූඩු

පිහින පිහින සංසාර සාගරේ
යන විට හමුවුණු සිතක ඇති
දීන හීනයක පරවුණු කුසුමක
සුවඳ ඉරුවේ මං දපනේ වැටී
දෙපැත්තකින් ලැබුණම හාදු
සෙනෙහස වෙනවලු කප්පාදු

වෙන් වී යන්නට
ආදරයත් අන්ධයි
සාගරයක් වගේ කඳුළු වැටෙයි
ආදරයත් අන්ධයි
සාගරයක් වගේ කඳුළු වැටෙයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply