Yohani Mashup by Yohani [2021]

Sinhala song lyrics with music notes illustration

සත්තයි ඔයා ලස්සනම මතකයක්
මේ වේදනා අදරේ තිලිනයක්
දවසක හමුවෙලා මගදී
ඇස් වලින් ඔයා
විමසුවොත් ආදරේ
මතුබවේ සත්තකින් ඔබට ලියලා දෙමි ප්‍රියේ

නිදි නේනා හීන ගේනා
මට ඕනා දෑස පේනා
සද පායා පයා රෑ සිත ඇහැරලා
කවුරුත් දන්නේ නෑ මා ආශා
මා හද හැගුමන් වර්ශාවෙන් වැහැරීලා

සීතල රහසින් ලංවීලා
මා හා දෑසින් යාවීලා
ආශා දහසින් මත් වීලා
මාගේ දෑතින් අල්ලාලා
සීමා මායිම් නෑ කීවා
මා හා ලංවී ඔබ ආවා

මා සොයන ආදරය කොහෙදෝ තියෙන්නේ
මා පතන ජීවිතේ කවදදෝ ලැබෙන්නේ
මා සොයන ආදරය කොහෙදෝ තියෙන්නේ
මා පතන ජීවිතේ කවදදෝ ලැබෙන්නේ

සිහිනයක් මැව්නා
කාලයක් ගෙව්නා
දෑස් යුග තෙමුනා
ආදරේ දැනුනා

පින්නේ පිනි සුළගේ
නිල්ලේ නිල් නෙතගේ
රංචු වෙන සුසුමේ
දැනුනු පෙම් හැඟුමේ

හැමදාම ඔය දෑස හමුනොවන විට
නොසන්සුන් හිත තාම වාරු නෑ මට
නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට

මං එක්ක යං කිව්ව ගමන එනවද
සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply