ඇවිදන් යනවා | Awidan Yanawa by Yohani ft. Funky Dirt [2021]

Sinhala song lyrics with music notes illustration

ඇවිදන් ඇවිදන් යනවා මම
ඇවිදන් යනවා මතකෙන් ඈතට
හංගන් හංගන් යනවා මගේ
කදුලැලි නුබහට නොපෙනන දුරකට

හලන්නෑ උහුලන් ඉන්නම්.. නෙතු අග කදුලේ
නුබේ මතකේන් මාවම මැකිලා යනකම්
මා සිපගත් නුබේ දෙතොලේ
මගේ නම නොතියෙන දවසක් එනකම්

හලන්නෑ උහුලන් ඉන්නම්.. නෙතු අග කදුලේ
නුබේ මතකේන් මාවම මැකිලා යනකම්
මා සිපගත් නුබේ දෙතොලේ
මගේ නම නොතියෙන දවසක් එනකම්

දැන දැනමයි ලිව්වේ… නුබ නැති මගේ ලෝකේ..
මේ හිස් අවකාශේ.. නෑසේවි මේ ගීතේ…
නුබ වෙනුවෙන් ලිව්වේ.. නුබගෙන් සගවන්නේ..
මා සරලව ලීවේ සිගිතිය මනසට කවිපද බර වේ…
ආලය හොයාන අපි කෑ කාලය
ආලය කියාන අප විදි රාගය
අද ඉතිරිය මතකය – කෝ අපේ පෙම්බර කතාවේ ඉතිරිය
කෝ .. මා හොයනවා සොදුරිය….මා වෙනුවෙන් තෙත්වුනු නෙත්වල දිස්නය
සද ඇති නමුත් නුබ නැති මගේ රාත්‍රිය අදුරුය
ඇස්වල කදුලුය දැන් මට පුරුදුය…
මගේ කිදුරිය… නුබ ගිය ක්ශිතිජය මට ඈතය
අයිතිය නැති තැන ආදරේ එලෙසම
ආදරේ පෙන්නන්න අයිතිය නැතිකම
අපායේ අහසට හද වැඩියද අමාවකට මං කවි ලීවද
පිපෙද්දි දැනෙද්දී අපි ප්‍රමාදය ප්‍රේමේ අකාලය ගෙවිච්ච කාලය
කලකිරෙනවා සං සංසාරය ජිවිතේ දෙන්නගේ සුන්දර කාලය
මත්කරගෙන වක්කරගෙන බිව්වද ප්‍රේමනීය විෂගෝර විකාරය
Yeah-
පිට දාන හැගුම් මේ ඇඩෙන හැගුම්
ඒ මතක රැගුම් පපුවට කැක්කුම්
Like a vaccum in ma soul – baby How you could be gone…
ප්‍රේමෙන් රිදුනැයි ඔව් මට රිදුනයි කොතනට වැදුනයි බොක්කට වැදුනයි
වෛරයෙන් ප්‍රේමෙන් දෙඅතක ඇදුනයි රාක්ශ නෙත්වල ඇයි අද කදුලයි
මාස දෙක තුන නොදැනිම ගෙවුනයි මාස්ක් එකක් තුල හසරැලි මැරුනයි
නුබ ඇවිදින් මතකය අවුලන
සයිබර් අවකාශෙක සොහොනයි
ඔව් අපේ සොහොනයි පෙම් සිහිවටනයි
දශකෙට ඈතින් ආදරේ උපතයි දෙදහස් විසිඑක ආදරේ විපතයි… ආදරේ විපතයි…

නොකියමයි ලංවුනේ නොදැනිම අප වෙන් වුනේ..
කාලයයි සොබාදමයි අප ලං කර වෙන්කරේ…
එදා ඇබ්බැහියක් වුනු පෙමක්… අද මගේ මතකේ ශේෂයේ..
නොමැරුනා…. හදවතක් ඉවසුවා..

written by Murshad Huvais

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply