ඩයරිය (Diariya) – Drill Team ft. Manasick

Sinhala song lyrics with music notes illustration

කොපි කෙරුව මිස්ලත්
මුවො මැරුවා තිස්සත්
උන්ගෙගෙම ලෝකෙකට
ගුණ ගරුකයි පිස්සත්
අපි හෙලා දකින්නේ
නාය යනවටත් වඩා වේගයෙන්
කදු කඩා වැටෙන්නේ
අපිත් එක්ක පුදුම ආවේගෙන්
ගස් කැපුවා – මස් කැපුවා
මම ඉත්තෑවෙක් කෑවා
මාව පත්තායෙක් කෑවා
කවුද මැරුණේ කවුද
නොමැරුනේ
ඔය පෝයට වැහුණු මස්කඩ
අමාවකටද ඇරුනේ
ඇබ්බැහි වෙයන්
අම්මට තාත්තට සලකන්න
කම්මැලි වෙයන්
පොලවේ ඉදන් අහසට පාවෙන්න
දැන් ඔක්කොම හදේ
හාවා මරන් කාලා ලේ පොරවේ
උබලා උඩ නිසා
තිස්තුන්කෝටියක්ම දැන් පොලවේ
ඉස්සර රොටිය 5යි
දැන් 25යි ඉස්කෝලේ කැන්ටිමේ
ඇමතුම ඉස්සුව 13යි ඉස්සර
දැන් එන ඒවා නොමිලේ
තාක්ෂනය දියුණුයි
බඩට වෙන ආක්‍රමණ තියුණුයි
අපි කන්න මැරෙන්නේ අකාලේ මැරෙන්න
අපි යන්න හදන්නෙම අපායේ ඇරෙන්න …

කාටවත් අඩගහයිද අල්ලට කෙල ගහයිද
පොඩිවුන් මහා පාරේ බොලා බලන්නේ අරු බල්ලට ගල ගහයිද
මාහායාන ථෙරවාදී සුන්නිසියා කතෝලික ක්‍රිස්තියානි
සිංහල – දෙමල – මුස්ලිම්- ඉංග්‍රීසි – සුදු – කළු – තලෙළු
රට – පළාත – දිස්ත්‍රික්ක – ප්‍රාදේශීය – කොට්ටාශ
කුල – මල, වැඩිහිටි – පොඩිහිටි, දුප්පත් – පොහොසත්
පරමාණු දක්වාම බෙදෙන අපේ ජිවිත
කොයි වෙලේද දන්නේ නෑ දැන් තොග සීමිත
වැඩට යන්න කලින් වැදලා පලයන්
මුණට මුරිච්චි වෙන එකා මුසලනම් මගහැරපන්
මල්දාපු වතුර බීපන්
පොල් ගහල ගස් – ගල් වැදපන්
ශිෂ්‍යත්වේ අසමත්ද පොඩි එකෝ බොරු කියපන්
පොල් ගහනකොට දෙයියෝ තියා ගලවත් බලන්නේ නැහැ
මැද්දෙන් බිදුනේ නැත්තම්
කසාදෙනුත් වැඩක් නෑ
ගමම මුසලයි රටම මුසලයි ඉන්න උන්ගේ හිත් කුහකයි උන් කන බතුත් කුහකයි
දන්නවද? පිස්සව උබට පිස්සෙක්, පිස්සට උබව පිස්සෙක්
මේක යන එකම රවුමක් උබත් මාත් මේකේ ඉත්තෙක්
අපි කන්න මැරෙන්නේ අකාලේ මැරෙන්න
අපි යන්න පතන්නෙම අපායේ ඇරෙන්න …

විවිදාකාර – රිදෙනාකාර වේදනා අත්දැකීම් ඕන වෙනවා ඊලග පාර
උඹට හුරු පාර – බොරු පාර, පොඩිකාලේ ඉදන් බොරු කිවුව පාර – නිසි පාර
කවුරු කියපුවද පොත් ලිවුව එකා හරිද ගෙදර බත් ඉවුව කෙනා හරිද
උඹ තෝරගත්තද ආගම්
උඹ තෝරගත්තද කුළ
හිතපන් ආපස්සට හොයපන් මේකේ මුල
ඇයි උඹට බැරි ආදරෙන් පැරදෙන්න
ඇයි උඹට ඕනේ ඒක නිසා වැලලෙන්න
දැන් බැලුවොත් උන්ගේ කටේ සෙට් වෙලා ගෝස්තියට
පොඩි දෙයක් උනගමන්
ඔලු තියනවා කෝච්චියට
70 – 80 – 90 කාලේ මිනිස්සු,
බැලුවේ දවසක් හරි ජීවත් වෙන්න
මන්නෙන් කොටද්දී අමුවේ පුච්චද්දී
උන් ඇඩුවේ ජීවත්වෙන්න
කළු ජුලී බටලන්ද වදකාගාර
උඹේ හිතට අවුල්නම්
ගනින් මුලින් ප්‍රථමාධාර
සිංහ ලේ
යුද්ධ ඉල්ලනවා පන්සලේ
රණවිරුවොයි වෙඩිකන්නේ අපි ගෙදර ඉන්නේ හාමුදුරුවනේ
කොනිහෙල බලපන් යාන්තමට
මේක නරක හීනයක් වෙන්නත් පුළුවන්
යකඩය ඇදෙන්නේ කාන්දමට
මේක කරුමයක් වෙන්නත් පුළුවන්
අපි කන්න මැරෙන්නේ
අකාලේ මැරෙන්න
අපි යන්න පතන්නෙම
අපායේ ඇරෙන්න…

මානසික්

Official Audio:

 

Artist:

YouTube

** All the credits goes to the original artists **

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply