දඬු මොණරා | Dandu Monara by Dasun Madushan ft. Raj Thillaiyampalam & Kapilan Kugavel [2019]

Sinhala song lyrics with music notes illustration

රාමා
නුඹ ගේනවා…
සේනා මට පේනවා…
සීතා
මා යුද්දෙක පැටලෙව්වා…
විදිනා හී මට වැදුනා
ගැහෙනා හද හිරවුවා
සීතා
නුඹ හින්දා මා දුක් වින්දා

අයියො මචං
ඇයි අපි මේ යුද්ද කරන්නෙ
ගෑණු හින්දා
මොකටද මේ වාද කරන්නෙ
වානරයින් එක්ක ඇයිද
මෙහෙටම ආවේ
ඩ්‍රයිවර් එක්ක දඩු මොණරේ
මං දෙනවා නේ

දවසක් දා
මං ආවා
කැලයට වී පොඩ්ඩක් මා
නිදියැව්වා…

සීතා ඇවිත්
ඇහැරෙව්වා
දඩුමොණරෙට ඈ හරි කැමතී
කිව්වා…
ආයෙ යන්න බෑ කිව්වා
ලංකාවේ ඉමු කිව්වා
මෝඩ වෙලා මං හා කිව්වා
ආයෙ යන්න බෑ කිව්වා
ලංකාවේ ඉමු කිව්වා
මෝඩ වෙලා මං හා කිව්වා

ග්‍රහයෝ දැන් නීච වෙලා
අප්සට් වීලා…
අයියයියෝ…
මෝඩ වුණා .COM වීලා…

අයියො මචං
ඇයි අපි මේ යුද්ද කරන්නෙ
ගෑණු හින්දා
මොකටද මේ වාද කරන්නෙ
වානරයින් එක්ක ඇයිද
මෙහෙටම ආවේ
ඩ්‍රයිවර් එක්ක දඩු මොණරේ
මං දෙනවා නේ

යුද්දෙදී මා
වෙමි විරුවා…
මේ සටනේ හිත බිදිලා මා වැටුනා
තිබ්බ ධනේ නැති වූවා
දඩු මොණරෙත් දැන් අයියෝ සීස් වුනා…

පැරදීලා නෑ කිසිදා
කවුරුත් නෑ ඉපදීලා
මේ ලෝකෙට මම වෙමි ලොක්කා…
මායම් දා පැටලෙව්වා
හිත එක තැන නැති වූවා
වානරයන් රට ගිනි තිබ්බා…
විස හීයක්…
පපුවේ වැදිලා
මම බිම වැටුනා
කිව්වා නම් ඈ
ගෙනවිත් දෙනවා
මට ඕනෑ නෑ….

අයියො මචං
ඇයි අපි මේ යුද්ද කරන්නෙ
ගෑණු හින්දා
මොකටද මේ වාද කරන්නෙ
වානරයින් එක්ක ඇයිද
මෙහෙටම ආවේ
ඩ්‍රයිවර් එක්ක දඩු මොණරේ
මං දෙනවා නේ

රාමා
නුඹ ගේනවා…
සේනා මට පේනවා…
සීතා
මා යුද්දෙක පැටලෙව්වා…
විදිනා හී මට වැදුනා
ගැහෙනා හද හිරවුවා
සීතා
නුඹ හින්දා මා දුක් වින්දා

 

Download Official Audio from here!

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply