කාලි | Kaali by Kanchana Anuradhi ft. Tharindu Damsara [2020]

Sinhala song lyrics with music notes illustration

ප්‍රාණ සම පෙම ද්‍රෝහි වූ දා ආත්මය විය කඨෝර
සිහින් කෙඳිරිලි කෝල හසරැලි දවයි මා හද කුටීර
ඇනුම් හී වර්ෂා මැදින් ළය දෙපළු කෙරුවා කෙඨේර
වෛරයත් පිරුණාම වැඩියෙන් ගලන්යනවා පිටාර

ඵල තියෙන ගස් වටිනවාමයි සැකක් නෑ එය ඇත්තයි
වඳබැහැපු මං කොහොඹ ගානයි කදුරු වාගේ තිත්තයි
බුදු පුදට වුව වරම් ලද්දේ මලින් සැරසුනු ඉත්තයි
මගේ හිමි ට මං පණ ඇරලා පෙම් කළා සමිදුනි සත්තයි

සත් කඩක් සේ පැළුනු හෘදය කොහොම හරි මම මහන්නම්
කෝන්තර වල කැළැල් නුඹ ගේ දෙපා මුලදිම වහන්නම්
සසර දුරවූවාට කම් නෑ යශෝදරා මුණ ගැහෙන්නම්
ඈව තනිකර සමිඳු ගිය දුක දරාගත් හැටි අහන්නම්

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply