අහන් ඉන්න | Ahan Inna by Indrachapa Liyanage

Sinhala song lyrics with music notes illustration

අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා…

යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සට සීතල ඇවිදින්
හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අගින් සුවඳ බෙදනවා
ඒ සුවඳින් මගේ හුස්ම රටා මවනවා

අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා…

සිලි සිලියේ හමන සුළඟ කොදුරන්නේ අපටමයි
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන
දහසක් තරු කැට නුඹටයි
ඒ එළියෙන් දැල්වෙන ලෝකය
මගේමයි මටමයි….

අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා…

අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා…

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply