උල්කාපාතයක් | Ulkapathayak by Indrachapa Liyanage

Sinhala song lyrics with music notes illustration

අළු පාට වළාකුළු
කථාවක් නෑ
තරු නිවී තරු නිවී
රාත්‍රියේ
සඳක් නැති අහසේ
අරමුණක් නැතුව මං
ගිනි අරන් ගිනි අරන්
මොනවත් හොයන්

උල්කාපාතයක් අහසේ ගිනි අරන්
අළු වෙලා පොළවට වැටෙනා
උල්කාපාතයක්
උල්කාපාතයක් අහසේ ගිනි අරන්
අළු වෙලා පොළවට වැටෙනා
උල්කාපාතයක්

අහස් කාන්තාරයේ
නන්නාඳුනනා ජීවිතේ
ආලෝක වර්ෂ ගෙවා
ආදරේ අරමුණක් සොයා
පොළවට වැටෙනා
දේවතා එළියක්
ගිනි ගත්ත
තරු එළියක්

උල්කාපාතයක් අහසේ ගිනි අරන්
අළු වෙලා පොළවට වැටෙනා
උල්කාපාතයක් අහසේ ගිනි අරන්
අළු වෙලා පොළවට වැටෙනා
උල්කාපාතයක්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply