in Chandralekha Perera, Windy Goonathilaka

තරු එළියේ ඔබ | Tharu Eliya Oba by Windy Goonatillake [2019]

තරු එළියේ ඔබ හා මා ගිය දිනයේ
සිත මා සුසුම් හැඟුම් මැකුණා සේ
රජ දහනේ රජ කුමරිය වූ දිනයේ
පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ

සීතල පින්නට මගෙ හිස තෙමුනා
ඈතින් ඈතට මගෙ සිත යැවුනා
පුළුන් රොදක් සේ මගෙ සිත මට දැනුනා
රජ දහනේ රජ කුමරිය වූ දිනයේ
පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ

වෙහෙස නිවා ඝන අඳුරේ
සිසිල සදා තරු එළියේ
පියමැනලා මල් ගොමුවේ
ඔබ දුටුදා මතක තියේ
ජීවිත කාලය ඔහු වෙත පිදුනා
ආදර චන්දන සුවඳින් පිරුනා
පිණි කැට මත ඔහු හා මා තනි කෙරුනා

තරු එළියේ ඔබ හා මා ගිය දිනයේ
සිත මා සුසුම් හැඟුම් මැකුණා සේ
රජ දහනේ රජ කුමරිය වූ දිනයේ
පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ

 

 

Download the Official Audio from Here!!

banner

Leave a Reply