මී අඹ වනයේ | Mee Amba Wanaye by C. T. Fernando

Sinhala song lyrics with music notes illustration

මී අඹ වනයේ ගී හඩ පතුරා කාවද අමතන්නේ
ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ
මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේ
ළා නිල් පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නළවන්නේ
සිහිනෙන් සිහිනෙට ඔබ එනවා
මොනවද හිමිහිට මුමුණනවා
හදවත රිදුමද නවතිනවා
මොහොතින් යලි නොපෙනී යනවා
බද වට සුදු ඔසරිය පටලා
මල් පොකුරක් ඔබෙ අත තබලා
ළගදිම මනමාලිය කරලා
ගෙන යන්නෙමි ඔබ මගෙ කියලා
මී අඹ වනයේ ගී හඩ පතුරා කාවද අමතන්නේ
ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ
මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේ
ළා නිල් පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නළවන්නේ

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply