in Chanuka Mora, My Favorite Song with ChanukaMora, Uncategorized

මේ නොනිමෙන දිවි ගමනේ (Cover) | Me Nonimena diwi gamane (Cover) by Ravindu & Chanuka [My Favourite Song with ChanukaMora] – EPISODE 09 [2019]

මේ නොනිමෙන දිවි ගමනේ
නිවනේ මග පෙනෙන තුරා
අම්මේ ඔබේ පුතෙකු වෙලා
මම එන්නම් සසර පුරා
මේ නොනිමෙන දිවි ගමනේ
නිවනේ මග පෙනෙන තුරා

පියතුමන් නැති දා ඉදලා
ගියේ නෑ මා තනි කරලා
කුස ගිනි මට නොම දීලා
දුක වේදනාව නිවලා
අම්මේ ඔබ බුදු වේවා
මව් ගුන ගී ගයනෙමි මා

මේ නොනිමෙන දිවි ගමනේ
නිවනේ මග පෙනෙන තුරා

පැටලේ ලො මායවෙන්
ගලවා මා අවමානෙන්
නුවනැස මග පහදාලා
දියුණුවේ මග පෙන්නාලා
ලැබුවේ ආශිර්වාදේ
දිවි මාවත එලිය උනේ

පියතුමන් නැති දා ඉදලා
ගියේ නෑ මා තනි කරලා
කුස ගිනි මට නොම දීලා
දුක වේදනාව නිවලා
අම්මේ ඔබ බුදු වේවා
මව් ගුන ගී ගයනෙමි මා

 

banner

Leave a Reply