සුගලාවී | Sugalavi by Viraj Bathiya [2019]

Sinhala song lyrics with music notes illustration

පොළොව හඬනා වේදනාවක
උණු සුසුම් මගෙ ඇඟිලි දවනා
අකුණු ගිගුරම් විලාපය මැද
රාජ සිහ නටඹුන්ව වැටුනා
මලානික පුලතිසි අහස යට
අපේ ප්‍රේමය හිස ගසා දමලා
මගේ සුගලාවියන් මතු දා
සමුදුරින් එතෙරකට නික්මෙනවා

නුඹේ මතකය දාවලන්නට
මගේ සුසුමන් නිවාලනු නොහැකී
වියරුවෙන් අසිපතෙන් මදනල
දෙකඩ වෙන්නට කපා හෙලනාවී
යකුන් දමනය කරාලන්නට
මහා මායම් මතුරනා දේවී
නොදැක ඉන්නට හැකිද මා හට
මගේ සිත් රජදහන මායාවී

මහා දළඳා වඩමවන්නට
සත්සියක් නැව් තනවනා ලෙසිනී
ප්‍රේමයත් ශෝකයත් නුඹලඟ
සිහින තනවා තනිව ඉනු නොහැකී
වීර වඩවන මහා දැහැනක
කඩවරිඳු දුන් වරම් ගනු නොහැකී
හවස් වරුවක සයුරු තොට ළඟ
නුඹේ රුව මට මැවි මැවී පෙනුනී

 

 

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply