හිනැහුනා | Hinahuna by Sahan Liyanage [2020]

මායාවී සේයාවේ ඔබෙ ආදරේ සඟවා
පායාවී හිරු සේමා මගෙ ජීවිතේ පුබුදා

රෑ දිවා නුඹ ගැන සිතා
නෑ සිනහවෙන් මිදිලා
මා සොයා එනුමැන ප්‍රියාවිය
ආදරේ කියලා….

හිනැහුනා…….
නුඹ නිසා…..

හීන ගේනා
ඈව ඕනා
ජීවිතේ පුබුදනා
දෑස මානේ
පෑව බැල්මක
ජීවිතේ ලියවුනා…
සුලඟ ගේනා
සුවඳ ගානෙම
ඔබගෙ සුව
සිහිවුනා
ඉතිං ස්වප්නය
දෑස් අබියස
මැවි මවී හිනැහුනා

හිනැහුනා……….
නුඹ නිසා……….

පෑව ස්නේහේ
ප්‍රේම ගිතේ
තනු අතරෙ ලියවුනා
ඇයව මාගේ
වෙන්න ඕනේ
අතැඟිලී මුදු දමා
දිනෙක මාගේ
දිවිය ආයේ
පනපොවා පුබුදනා
ඉතිං ස්වප්නය
දෑස් අබියස
මැවි මැවී හිනැහුනා

හිනැහුනා…..
නුඹ නිසා…..

Leave a Reply